Home » කලාව එල්ලා මැරූ අභිෂේකා

කලාව එල්ලා මැරූ අභිෂේකා

by Nirodha Gamage

‘නිදහස් වෙන්න හිරගෙදරට එන්න’ නමින් අභිෂේකා විමලවීර ගායන ශිල්පිනියගේ සුපරි වැඩක් පසුගියදා මහනුවර බෝගම්බර හිරගෙදරදී පැවැත්විණි.

ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මැරීමෙන් පසු ඇයගේ දේහය ගොඩ ගැසූ ස්ථානයේ බෝගම්බර හිරගෙදර එහි වරදකරුවන් 500 දෙනෙකුට අධික පිරිසක් එල්ලා මරා දමා තිබේ.

‘අභී – ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත ප්‍රසංගය අතිශයින් උත්ප්‍රාසාත්මක වන්නේ, අභිෂේකා නිදහස් වීමට පැමිණෙන ලෙස කී ස්ථානය අඳුරු අතීතයකට උරුමකම් කියන ඓතිහාසික ස්ථානයක් වීම නිසා ය.

බන්ධනාගාර භූමියක් නිදහස සපයන කලාගාරයක් බවට පත් කිරීමට පසුගිය මාර්තු 04 වන දා ගායන ශිල්පී අභිෂේකා විමලවීරට හැකි විය.

” කොළඹ නෙළුම් පොකුණේ. නෙළුම් පොකුණ ලංකාවේ හොඳ ම තැන කියලනෙ කියන්නේ මම පළවෙනි කොන්සර්ට් එක කළා එකේ. ගේ මහනුවර කොන්සර්ට් එක තියන්න ඊට වඩා හොඳ තැනක් ඕන වුණා. ඒකට සුදුසු තැනක් හොය හොය නුවර වටේ යද්දී අපි මේ ස්ථානය දැක්කා,” අභිෂේකා කියා සිටි.

“ඇයි මේක නාස්ති කරන්නේ? මේක හැම දා ම මුස්පේන්තු බිමක් විදිහට තියෙන්න ඕන ද? නැත්නම් නුවරට මේකෙන් ප්‍රයෝජනවත් දෙයක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා ද? කියන එක බලන්න තමයි මට ඕන වුණේ. ලංකාව නිධානයක් නේ. නිධානයක් උඩ වාඩි වෙලානේ මේ අපි හිඟා කන්නේ. ඒ වගේ තැනක් තමයි බෝගම්බර බන්ධනාගාරය. ඒක වෙනස් විදිහකට සංචාරක ආකර්ෂණය වැඩි වෙන ආකාරයට වෙනස් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න පළමු පියවර විදිහට තමයි මම එතන තෝර ගත්තේ,” ඇය පැවසීය.

“ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය ගොඩ ගැසූ තැනට අඩි කිහිපයක් දුරින් තමයි මේ ප්‍රසංගය පැවැත්වුණේ. අපි ආරම්භයේදී ඇහැලේපොළ කුමාරිහාමිට ගෞරව දක්වලා සියලු දෙනා නැගිටලා ඒ භූමියෙන් අවසර ගත්තා. ඊට අමතරව එතන එල්ලා මැරීමට ලක්වූ 546 දෙනා මතක් කරලා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරලා තමයි මේ ප්‍රසංගය ආරම්භ කළේ. ඒ නිසා ඒක මහනුවර ජනතාවට ලේවලට ම දැනෙන අත්දැකීමක් වුණා.”

“ලාංකික කලාවේ ඒකාධිපතිත්වය බිඳ දැමීමත් මගේ අරමුණක් වුණා”

“අපේ කලාවේ තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි, ඒකාධිපතිත්වය. හැම තිස්සෙ ම කලාව කියන එක හුවමාරු වෙන්නෙ අතේ ඇඟිලි ගාණට සමාන කීප දෙනෙක් මත. ඉන්ටර්වීව් එකක් ගත්තොත් හැම දා ම එක ම දහ දෙනා. හැම දා ම එක ම ලොකේෂන්. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ගත්තත් කීප දෙනෙකුට විතරයි අවස්ථාව දෙන්නේ. ඒ දේ වෙනස් කළොත් අපේ කලාව දියුණු වෙයි. රට ත් දියුණු වෙයි. මට ඒ ඒකාධිපතිත්වය බිඳින්න ඕන වුණා,” අභිෂේකා විමලවීර ප්‍රකාශ කළා ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions