Home » කපුටෙක්ට VIP පහසුකම් ලබා දීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි

කපුටෙක්ට VIP පහසුකම් ලබා දීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි

by Plus One

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විශේෂ සැලකිලි ලබාදීම සම්බන්ධයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් ප්‍රශ්න කළා.

ඒ අනුව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කළේ, තවදුරටත් රජයේ ප්‍රමුඛ තනතුරක් නොදරන පුද්ගලයෙකුට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විශේෂ සැලකිලි ලබාදීම සම්බන්ධයෙන් සභානායකවරයාගෙන් පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වන බවයි.

තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන බැසිල් රාජපක්ෂට ගුවන් තොටුපළෙන් පිටවන විට ප්‍රභූ විවේකාගාරයට සහ පොලිස් යතුරුපැදි ලබාදුන්නේ කුමන පදනමක් යටතේ දැයි මෙහිදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ආණ්ඩුවෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළා.

එයට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමත් සමඟ විපක්ෂය වියරු වැටී ඇති බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions