Home » කපටි නරියාගේ ඊළඟ සැළස්ම – අස්පට් ෂූටිං

කපටි නරියාගේ ඊළඟ සැළස්ම – අස්පට් ෂූටිං

by Plus One

මචංලා…..හාමු මහ පුටුවේ ෆයිට් එකට එයිද?උඹලගේ ideaස් මොනවද?එන්නේ නෑ වගේ ලයින් එකකුත් තියනවා කියලා කතාවකුත් එහෙට මෙහෙට පාස් වෙනවා.තුන් මුල්ලේ විමලෙගේ හූණු සාත්තරේ ඇත්ත වෙයිද බං?විමලේ කිව්වේ හාමු යූඑන් යනවා කියලනේ.හාමුත් සජා වගේ ආසයි බයයිවත්ද?

හරි….උඹලට අස්පට් ෂුටිංගේ විග්‍රහ කියන්නද?පිලිගන්නවා නං පිළිගනිල්ලා.නැත්තං නිකා හිටපල්ලා.මචං ඇඟේ පණ තිබුනොත් හාමු ෆයිට් එකට එනවා.එතකොට උඹලා අහයි කවුද බං හාමුට ඡන්ද දෙන්නේ කියලා.ඒක ඇත්ත….. ඇයි බං මේ වැට් ගහලා තියන විදිහට මොකාද බං හාමුට ඡන්දේ දෙන්නේ.

බඩු මිල වැඩියි.දරුමල්ලන්ට කන්න දෙන්න, ඉස්කෝලෙ යවන්න විදිහක් නෑ.එහෙම තියන එකේ හාමුට ඡන්ද දෙන්න පිස්සුවක් තියනවයෑ.බලපං හාමුගේ පැත්තේ උන් ජනතාව අතරට ගිහින් නෝන්ඩි වෙන හැටි.හූ….කාලා දුවන හැටි.ඉතිං මචං එහෙවි එකේ හාමු ෆයිට් එකට ඇවිත් මොකටද?උඩින් පරදිනවනේ.

ඒ මචං උඹලටයි අපිටයි හිතෙන විදිහනේ.හාමුට එහෙම හිතන්නේ නෑ බං.හාමු ලඟත් වැඩේ ගොඩයන්න master plan එකක් ඇති.අස්පට් ෂුටිංට හිතෙන විදිහට මෙන්න මේකයි හාමුගේ plan  එක. මචං හාමු ෆයිට් එකට බහින්නේ අප්‍රියෙල්වල විතර.සිංහල අවුරුද්දෙන් පස්සේ වෙන්නත් පුළුවන්.එතකං හාමු කරන්නේ පිට්ටනිය සුද්ද කරන එක.

ඒ කියන්නේ මචං තරඟයෙන් තරඟකරුවන් අයින් කරන එක.මචං දැන් ඩීපී අයින් කරලනේ තියෙන්නේ.අද ඩීපී හෙට ඩීජේ හරිද?මචං හාමු ඔය දෙපලටම ෂොට් එක දෙනවාම තමයි.ඔන්න බලපං ඔය ඩබල හාමුගේ සුවච කීකරු සේවකයෝ උනේ නැත්තං අස්පට් ෂුටිංට ජුක්….ජුක් කියලා කතා කරපං.

මචං ඒ දෙන්නාට ගහන්න ඕනි බඩු මිටි පිටින් හාමු ළඟ තියනවා.ඩීපී යටත් කරගත්ත ගමන් හාමු හැරෙන්නේ ලපයට ගහන්න.ඩීපියයි,meet balls කාරයයි විතරක් හිටියත් ඇති ලපයා වට්ටන්න. කෙලින්ම කප්පං කේස් එකකට ලපයා මාට්ටු වෙනවා.මචෝ…. අස්පට් ෂුටිං කතා කරන්නෙත් එවිඩන්ස් තියාගෙන.එතනින් ලපයත් නොකව්ට්.

හාමු අප්‍රියෙල් ෆයිට් එකට එන්නේ නත්තල් පප්පා වගේ සහන මල්ලකුත් අරගෙන.හාමුවා මචං හම්බ වෙන ණය ටිකට අමතරව තව ටිකක් එකතු කරගන්නවා.ආරංචි විදිහට Japaneseලා ලොකු ගාණක් දෙනවා.හාමු ආයෝජකයෝ ටිකක් මාර්තු වෙනකොට ලයින් කරගන්නවා.හාමු හදන්නේ ඒකෙන් ඩොලර් ටිකක් වට්ට ගන්න.

සල්ලි අච්චු ගහන්නේ නැති හින්දා රුපියල බාල්දු වෙන්නේ නෑ.ඩොලර් රේට් එක තුන්සීයට අඩුව තියාගන්න තමයි හාමුගේ ට්‍රයි එක.එතකොට මචං වැට් එක ඔය ගානටම තියෙද්දී බඩු මිල අඩුවෙනවා.මොකද ඩොලර් එක පහල ගිහින් හින්දා.අනික මචං බලපංකෝ මේ යකාගේ චාන්ස් එක කියන්නේ වැහැලා ජලාශත් පිරිලනේ.

මචං බලනකොට දෙයියොත් හාමුගේ පැත්තෙනේ බං.විදුලි බිල අඩු කළොත් වැට් එකේ ආදායම එන ගමන් බඩුමිලත් අඩු වෙනවා.මචං ඕක තමයි හාමුගෙම ප්ලෑන් එක.ඒත් ඉතිං අප්‍රියෙල්  වෙනකං ජනතාව බලා හිටීද?ඕකනේ තියන ප්‍රශ්නේ.

එතකං ජනතාවට බල බලා ඉන්න තමයි යුක්තියේ මෙහෙයුම දාලා තියෙන්නේ.වැට් නෙවෙයි බං ෆ්ලැට් උනත් දැන් අපේ උන් ඇස් උඩ තියාගෙන යුක්තිය දිහා බලා ඉන්නවා.යුක්තියෙන් අයුක්තියක් උනත් හාමුට ගානක් නෑ.හාමුට ඕනි අතප්පයක් කඩාගන්නේ නැතිව ප්‍රශ්නය අප්‍රියෙල් වෙනකං කල්දාගන්න.

ඉතින් ඒ අස්සේ බන්දුවා කෙලවගත්තට හාමුට මොකද බං.යුක්තිය ඉවර වෙනකොට බන්දුවත් සමරසිංහ කෙනෙක් වෙලා තියෙයි.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions