Home » කන්න නැත්තම් මෙන්න ක්‍රමය මහින්දානන්ද කියයි

කන්න නැත්තම් මෙන්න ක්‍රමය මහින්දානන්ද කියයි

by Nipuna Fernando

පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන අතර එය ලොව පුරා පවතින තත්ත්වයක් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරන ලදි. එසේම එංගලන්තයේ දරුවන්ගේ කෑම පෙට්ටිවල ද කෑම නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන ලදි. ඒ හේතුවෙන් එංගලන්තයේ ළමුන් කෑම අනුභව කිරීමට නියමිත වේලාවේදී ක්‍රීඩා පිටියට යන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන ලදි. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ‘එක්ව නැගිටිමු’ මැයෙන් සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) නාවලපිටියේදී ආරම්භ වූ අවස්ථාවේ ඊට එක්වෙමින් වන අතර එසේම ප්‍රංශයේ ද ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එංගලන්තය සහ ප්‍රංශය පාලනය කළේ ද රාජපක්ෂවරුන්දැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම ජන රැලියේදී ප්‍රශ්ණ කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions