Home » කඩාකප්පල් ක්‍රියාවන්ට දැඩි ක්‍රියාමාර්ග : රජයට සහය දෙන්න – ජනපති

කඩාකප්පල් ක්‍රියාවන්ට දැඩි ක්‍රියාමාර්ග : රජයට සහය දෙන්න – ජනපති

by Nirodha Gamage

මේ මොහොතේ රට පවත්වාගෙන යන ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් 2022 මාර්තු මාසයේ පැවති තත්ත්වයට වඩා බරපතළ තැනකට ඇදවැටෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ඒ නිසා වැඩ වර්ජන විරෝධතා ආදිය සිදු නොකර රජයේ වැඩපිළිවෙලට සහාය දක්වන ලෙසයි.

වැඩ වර්ජන විරෝධතා ආදිය දිගින් දිගටම සිදු කළහොත් රජයේ සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ආදී අත්‍යවශ්‍ය කටයුතු පවා සිදුකර ගැනීමට නොහැකි වනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් විරෝධය දැක්වීමේ අයිතිය ආණ්ඩුව පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා සංවිධානය කෙරෙන උද්ඝෝෂණ විරෝධතා සඳහා රජය ඉතා තදින් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions