Home » කංසා පනත පාර්ලිමේන්තුවට

කංසා පනත පාර්ලිමේන්තුවට

by Plus One

අයවැය විවාදයෙන් පසු කංසා පනත පාර්ලිමේන්තුවට

කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය නීති ඇතුළත් පනත අයවැය විවාදයෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍යයක් ලෙස පිටතට යාමට නොහැකි වන ලෙස මෙම කර්මාන්තය සඳහා ආයෝජනය කරන පුද්ගලයින්ගෙන් විශාල තැන්පතු මුදලක් ලබාගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවලින් ලබාදී ඇති නිර්දේශ අනුව මේ තුළින් සමාජයට හානිදායක අවැඩක් සිදුවුවහොත් අදාළ ආයෝජකයින් විසින් තැන්පත් කරන විශාල තැන්පතු මුදල අහිමිවන ආකාරයෙන් නීති සකස් කරන බවද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළා. ඩොලර් බිලියන 3 ක පමණ අපනයන ආදායමක් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියේදී උපයා ගැනීමට හැකිවන බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions