Home » “ඔබට ස්තුතියි” – සජිත් රනිල්ට කියයි

“ඔබට ස්තුතියි” – සජිත් රනිල්ට කියයි

by Nirodha Gamage

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ මැදිහත්වීම පිළිබඳව ස්තූතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“ආචාර්‍ය ද සිල්වා මහතාගේ පත්වීම අපි සාදරයෙන් පිළිගනිමු නමුත් ඔහු පත් කර ඇත්තේ ස්ථාවර නියෝග කඩකරමින් බව සඳහන් කිරීමට කැමැත්තෙමු. ඔහුව එම තනතුරට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදු වූ නිසා ස්ථාවර නියෝග කඩ වෙනවා.” මුදල් කාරක සභාවේ සභාපති පත් කිරීමට විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුද? ස්ථාවර නියෝගවල එහෙම දෙයක් තියෙනවද? ඒක බරපතළ ප්‍රශ්නයක්.”

“අපි ජනාධිපතිතුමාට බනින්නේ නැහැ. මෙම ක්‍රියාව කිරීම ගැන ඔබට ස්තුතියි. ජනාධිපතිවරයා කෝප් කමිටුවට පැමිණ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කළ යුතු බවට යෝජනා කළ යුතු බව ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණේ නැත. එයා එහෙම කරනවාට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක කරපු එකට හොදයි. එහෙත් ස්ථාවර නියෝග පිළිපැදීම සහ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ගෞරවය ආරක්ෂා කිරීම කථානායකවරයාගේ වගකීමයි.

තමාව කෝප් කමිටු සභාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයට ස්තුතිය පුදකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions