Home » එරන්ද ගිනිගේ සජබ ගිනි තියයි. සජිත්ගෙන් හතර වටේට මැසේජ්

එරන්ද ගිනිගේ සජබ ගිනි තියයි. සජිත්ගෙන් හතර වටේට මැසේජ්

by Plus One

මීළග ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය ව්සින් නිර්මාණය කරන සංධානයට පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමේදී සජබ දැනට සිටින සාමාජිකයන්ගේ අවස්ථා අහිමි වීමක් සම්බන්ධයෙන් එරන්ද ගිනිගේ මහතා විසින් ඊයෙ දින සටහන් කරන ලද ලිපියක් අප විසින් පල කරන ලදී. 

 

https://www.colomboplus.lk/?p=7412

 

මෙම ලිපිය අප විසින් පල කිරීමට ප්‍රධාන හේතුව වූයේ සමගි ජන බලවේගයට හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ අපහසුතාවයට පත් කිරීමට නොවේ.

 

පක්ෂ නිර්මාණය කොට එහි ආසන මට්ටමේ, බිම් මට්ටමේ සංවිධාන කටයුතු කරන සංවිධායකවරුන් මුහුණ දෙන සම්ප්‍රදායික ගැටලුවක එක් අවස්ථාවක් එරන්ද විසින් නිසි ආකාරව විශ්ලේෂනය කිරීම නිසාය. තම පක්ෂය වසර 5ක කාලයක් කොතෙකුත් බර පැන දරා මහන්සි වුවද ඒ සංවිධායකවරයාගේ බලාපොරොත්තුව නායකයාගෙ බලාපොරොත්තුව වෙනුවෙන් කැපකිරීම කෙතරම් සෝචනීයද. 

 

එන ඕනෑම අයෙක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටීනම්, සමගි ජන බල වේගය මේ වන විට නිර්මාණය කරමින් සිටින සංධානයට එක් කර ගන්නා බවක් පෙනේ. එසේ මෑත කාලයේ එක් වූ සියල්ලම පාහෙ පොදුජන පෙරමුණෙන් ගිය වර පාර්ලිමේන්තු ආ අයය. නමුත් ඔවුන් නිකන් සජබයට පැමිනෙන්නේ නැත. ආසන සංවිධායක කම්, ඉහල තනතුරුද ඔවුනට ලබ දීමට සජිත් ප්‍රේමදාස මහතාට සිදුවේ.

 

හොදම උදාහරනය ජනවාරි 01 වන දින සජබට එක් වූ ශාන් විජය ලාල් ය. ඔහුට සජබ  අම්බලන්ගොඩ ආසන සංවිධායකකම ලබා දුන්නේය. අම්බලන්ගොඩ මෙතෙක් කල් සජබ වෙනුවෙන් බර ඇද්ද බණ්ඩාරිගොඩ වෙස්සන්තරට ඇන්දේය. 

 

එරන්ද පෙන්වා දුන්නේ ඒ වෙස්සන්තර චරිතය එරාන්ට හෝ හර්ෂට රග දක්වන්නට සැලැස්වීම නුසුදුසු බව පෙන්වීමය. 

 

නමුත් මෙම ලිපිය පල කල අපට මෙන්ම තවත් වෙබ් අඩවි කිහිපයක වාර්තා කිරීම් සජබ සාමාජිකයන්  අතරේ හුවමාරු වීමට පටන් ගත් සැණින්ම විපක්ෂනායකවරයාගෙන් පිලිතුරු ලැබෙන්නට පටන් ගත්තේ එම විශ්ලේෂනය  ”  Amu Tom Pacha ” ලෙසිනි.

 

කොටින්ම එම වචන දකින විට එරන්දගේ ලිපිය සජබ අභ්‍යන්තරය ගිනි තබා ඇති බව තේරේ. සජබට වඩා සජිත් පැනික් වී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions