ඉදිරි සතියේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයට විශාල භූමිකම්පාවක් සිදුවනු ඇති බවට වාර්තා පළවෙමින් තිබෙන අතර ඉන්දියාවට විශාල පරිමාණයෙන් භූ චලනයක් සිදුවූවොත් එය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට ද බලපෑමේ ඉඩ වැඩි බව භූගෝල විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
ඉදිරි සතියේ දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ ඒකක අටක පමණ ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවිය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.
එතරම් ප්‍රබල භූ චලනයක් සිදු වූවොත් එය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹටත් බලපාන බවද පැවසූ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙතරම් විශාල භූමිකම්පාවක් සිදු වුවහොත් ඉන්දියාවේ ඇති වසර සිය ගණන් පැරණි ගොඩනැගිලි වලටද දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානම ඇතැයිද පැවසීය.