Home » උසස් පෙළ 80% නීතියට තිත ?

උසස් පෙළ 80% නීතියට තිත ?

by Plus One

උසස් පෙළ සිසුන්ගේ 80% පැමිණීම සඳහා සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවධානය

පසුගිය කාලයේ මතු වූ විවිධ හේතුන් මත පාසල් පැමිණීමට අපහසු වූ උසස් පෙළ සිසුන්ට යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව 80% පැමිණීම අනිවාර්යය කර ඇත්තේ විෂය නිර්දේශ ආවරණය කිරීමට පාසලට සිසුන් ගෙන්වා ගැනීම සඳහා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, උද්ඝෝෂණ පැවති කාලයේ දී, ප්‍රවාහන අපහසුතා සහ කොවිඩ් 19 යන ආදි කරුණු මත නියමිත ආකාරයට පාසල් පැමිණීමට අසීරු වූ සිසුන් සඳහා සහනදායි වැඩපිළිවෙලක් සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම්දෙන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions