Home » උද්ඝෝෂණකරුවන් හා පාස්කු අන්තවාදීන් අතර සම්බන්ධයක්

උද්ඝෝෂණකරුවන් හා පාස්කු අන්තවාදීන් අතර සම්බන්ධයක්

by Nirodha Gamage

ඊයේ (07) කොටුව පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ පාස්කු ප්‍රහාරයේ අන්තවාදීන් සමඟ මෙරට උද්ඝෝෂණයේ නිරත වූවන් සබඳතා පවත්වා ඇති බවයි.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ බී වාර්තාවක් ගොනු කරමින් පාස්කු ප්‍රහාරය මෙහෙයවූ විදේශ රටවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් මෙරට උද්ඝෝෂණකරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බවට බුද්ධි අංශ අනාවරණය කරගන ඇති බවට කොටුව පොලීසිය දැනුම් දුන්නේය. ඊයේ (07) සිදු කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් ගොනු කරමින් ඔවුන් මේ බව කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයේ අනුගාමිකයන් ශ්‍රී ලංකාව තුළ තවමත් රැඳී සිටින බවද පොලිසිය එම බී වාර්තාවේ දක්වා ඇත. එමෙන්ම අන්තවාදී මත දරන කණ්ඩායම් මෙරට ආර්ථිකය කඩා කප්පල් කිරීමේ උත්සාහයක නිරත විය හැකි බවටත් බුද්ධි අංශ වැඩිදුරටත් අනාවරණය කර ඇති බව පොලිසිය එම බී වාර්තාව මඟින් දක්වා ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions