Home » ඉස්කෝලෙ යනවද ගෙදර ඉන්නවද? පොත් කට්ටලයට 20,000යි

ඉස්කෝලෙ යනවද ගෙදර ඉන්නවද? පොත් කට්ටලයට 20,000යි

by Plus One

VAT බදු සංශෝධනයත් සමඟ එළඹෙන පාසල් වාරයේදී එක් දරුවෙකුට අවශ්‍ය පාසල් උපකරණ සඳහා 20,000ක පමණ මුදලක් වැය වන බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමියන් කියා සිටි.

ඊයේ (03) මාධ්‍ය හමුවක් කැදවමින් උන්වහන්සේ මේ බව අවධාරණය කලා.

VAT බදු සංශෝධනයත් සමඟ,

පිටු 200 පොතක් – රු.350.00
කවකටු පෙට්ටියක් – රු.1121.00
A4 බන්ඩලයක් – රු.2124.00
පාසල් බෑගයක් – රු.7670.00
සපත්තු ජෝඩුවක් – රු.3717.00

ආදී ලෙස මිලක් වන අතර පාසලක 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවෙකුට තමන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට ඉහත මුදල අවශ්‍ය වේ. දෛනික ආහාර අවශ්‍යතාවයවත් පිරිමසා ගැනීමට නොහැකි නිවසක දෙමාපියන්ට මෙම තත්ත්වය දරාගත නොහැකි බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම ලංකාවේ ආහාර මිල ඉහලයාමත් සමග තම දරුවන්ගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් දෙමාපියන් 14%ක් කුසගින්නේ සිටීමට සිදුව ඇති බව ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රකාශ කර ඇති බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ඉන්ධන හා වාහන අමතර කොටස් වල මිල ඉහල යාමත් සමග පාසල් වෑන් රථ හා බස් රථ ගාස්තූ ඉහළ යෑම වැලැක්විය නොහැකි බවත් ඒ වෙනුවෙන් විශාල මුදලක් මේ වනවිට දෙමාපියන්ට දැරීමට සිදුවන බව උන්වහන්සේ අවධාරණය කර සිටී.

මෙම තත්ත්වය නිසා අදවන විට පාසල් යන දරුවන්ගෙන් 55%කට දැඩි බලපෑම් එල්ල වී ඇත අතර ඉන් වයස අවුරුදු 5ත් 21ත් අතර වයස්වල දරුවන් 54.9%ක් සෘජු බලපෑමකට ලක්ව ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටී.

සුබ අවුරුද්දක් වෙනුවට මෙය බදු අවුරුද්දක් වීම වැලැක්විය නොහැකි බවත්, සියලු දෙනාට පටි තදකරගන්න යැයි ඉල්ලා සිටින ආණ්ඩුව, ඔවුන්ගේ කිසිදු වරප්‍රසාදයක් කප්පාදු කර ගැනීමට ක්‍රියාකර නොමැති තත්ත්වයක් තුල අවුරුදු 18 වැඩි අයට බදු ෆයිල් එකක් විවෘත කරන ලෙස ඉල්ලා සිටීමට සදාචාරමය නොවන බවත් නාගස්තැන්නේ අරුණ හිමියන් ප්‍රකාශකර සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති යසරත්න දිසානායක මහතා, දෙමාපියන් නියෝජනය කරමින් අසංක ප්‍රනාන්දු මහතා හා රත්නාවලී කරුණාජීව යන මහත්ම මහත්මීයන් සම්බන්ධ විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions