Home » ඉරාන බාලිකා පාසල් වලට විෂ ප්‍රහාර මාළාවක්

ඉරාන බාලිකා පාසල් වලට විෂ ප්‍රහාර මාළාවක්

by Nirodha Gamage

පසුගිය මාස කිහිපය තුළ ඉරාන පාසැල් ගැහැණු ළමයින් සිය ගණනක් “ විෂ” ප්‍රහාරවලට ගොදුරු වී ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය, ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට විරුද්ධ ආගමික කණ්ඩායම් විසින් ඔවුන් ඉලක්ක කර මෙසේ ප්‍රහාර එල්ල කරන බව ඔහු පැවසීය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී ඉරාන තරුණ කාන්තාවක් මියයාමෙන් ඇවිලුණු මාස ​​ගණනක රාජ්‍ය විරෝධී විරෝධතාවලට මුහුණ දුන් ඉරානයේ පාලකයන්ට දැන් මෙම ප්‍රහාර අලුත් අභියෝගයක්ව තිබේ.

ඉරානයේ ෂියා මුස්ලිම් ශුද්ධ නගරයක් වන කොම් හි මෙම විෂ ප්‍රහාරය ආරම්භ වූ අතර අවම වශයෙන් නගර හතරක පාසල් 30 කට අධික සංඛ්‍යාවක පසුගිය නොවැම්බර් මාසයේදී විෂ ප්‍රහාර එල්ලවී තිබේ මේ නිසා සමහර දෙමාපියන් තම දරුවන් පාසලෙන් ඉවත්කර ගෙන යාමට පෙළඹී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

සමාජ මාධ්‍ය වල සමහර රෝහල් ගත වූ පාසල් සිසුවියන් පෙන්වා දුන්නේ තමන්ට ඔක්කාරය හා අධික හෘද ස්පන්දනය ඇති වූ බවයි.

“මෙම විෂ පැමිණෙන්නේ කොහෙන්ද යන්න විමර්ශනය කිරීම සහ එය හිතාමතා ගත් පියවරක් ද යන්න මගේ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවේ,” සෞඛ්‍ය අමාත්‍ය බහ්‍රම් අයිනොල්ලාහි පෙන්වා දෙන ලදී.

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව සමහර අයට පාසල්, විශේෂයෙන් බාලිකා පාසල් වසා දැමීමට අවශ්‍ය බව මෙමගින් තහවුරු වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions