Home » ඉමියුනෝග්ලෝබින් ප්‍රතිදේහ එන්නත් බව කියමින් පාට කරන ලද වතුර ස්නායු රෝගීන්ට දීලා – නීතිපති අධිකරණයට කියයි

ඉමියුනෝග්ලෝබින් ප්‍රතිදේහ එන්නත් බව කියමින් පාට කරන ලද වතුර ස්නායු රෝගීන්ට දීලා – නීතිපති අධිකරණයට කියයි

by Plus One

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද වතුර බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහට දැනුම් දුන් බව වාර්තා වෙනවා.

එලෙස ලබාදී ඇති පාට කරන ලද වතුරවල බැක්ටීරියා වර්ග ද ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම ප්‍රමිතියෙන් තොර එම ප්‍රතිදේහ එන්නත් ලබාදුන් රෝගීන් තිදෙනෙකුගේ ජීවිත මාරාන්තික තත්ත්වයට පත්වී ඇතැයි ද දැනුම් දී තිබෙනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කළ බව පවසමින් දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැර තිබුණා. එමඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඒ බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් හදිසි මිලදී ගැනීම් වශයෙන් මෙම ඖෂධ මිලදී ගෙන ඇති බවත් එලෙස මිලදී ගත් ඖෂධ බොහෝ ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බවත් මේ වන විටත් හෙළිවී තියෙනවා. ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ඉමියුනෝග්ලෝබින් ලෙස නම්කළ මෙම ප්‍රතිදේහ එන්නත් පරීක්ෂා කිරීමට තරම්වත් සුදුසු තත්ත්වයක නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව කරන ලද විමර්ශනයක දී හෙළි වූ බවයි අධිකරණයට වාර්තා කර ඇත්තේ.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions