Home » ඉන්දු ලංකාව එකම රාජ්‍යක්

ඉන්දු ලංකාව එකම රාජ්‍යක්

by Nirodha Gamage

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ප්‍රකාශ කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ආර්ථික ඒකාබද්ධතාවය ප්‍රධාන බව ය. ඔහු මේ අදහස් පළ කළේ Mhow හි කීර්තිමත් යුධ හමුදා යුද විද්‍යාලයේ ‘ශ්‍රී ලංකා ඉන්දීය සබඳතා ගමන් පථය: 2030’ යන මැයෙන් ඉන්දීය සන්නද්ධ හමුදා නිලධාරීන් අමතමිනි. මොරගොඩ එහි සේනාවිධායක ලුතිනන් ජෙනරාල් දේවේන්ද්‍ර ප්‍රතාප් පාණ්ඩේ ආරාධනයෙන් යුධ හමුදා විද්‍යාලයට පැමිණ සිටියේය.

ඒකාබද්ධ උසස් අණදෙන පාඨමාලාව හදාරන ඉන්දීය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අමතමින් මොරගොඩ, දෙරට අතර පවතින විශේෂ සබඳතාවයේ ඉතිහාසයේ සිට වර්තමාන තත්ත්වය දක්වා ඉන්දු-ලංකා සබඳතාවල උපායමාර්ගික වැදගත්කම පුළුල් ලෙස ඉස්මතු කළේය.

වර්තමාන ඉන්දු-ලංකා සබඳතා ගැන විස්තර කරමින්, ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණ කඩාවැටීමෙන් මුදාගත් ජීවනාලිය ලෙස ක්‍රියා කළ ඇමරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න වටිනා මූල්‍ය ආධාරය ඉස්මතු කළේය.

දෙරට අතර පවතින ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාවය සහ යුධ හමුදා විද්‍යාලය විසින් පිරිනමනු ලබන පුහුණු අවස්ථා ඇතුළුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට අඛණ්ඩව ලබා දෙන පුහුණු සහාය ද ඔහු අවධාරණය කළේය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා උපාය මාර්ගික ප්‍රතිපත්ති රාමුව ලෙස ක්‍රියා කරන ‘රාජ්‍යන් ඒකාබද්ධ කිරීමේ උපායමාර්ගයේ’ ප්‍රධාන අංග පිළිබඳව ද මොරගොඩ මහතා විස්‌තර කළේය. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව දරන උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළ ඔහු, සෑම ක්ෂේත්‍රයකම පවතින සුවිශේෂී ආරක්ෂක තර්ජන සහ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය සාගර කලාපයේ රටවල් එකමුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

සිසුන් සමඟ පැවති අන්තර් ක්‍රියාකාරී සැසියේදී මොරගොඩ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය, වත්මන් දේශපාලන වර්ධනයන්, ඉන්දියන් සාගරයේ බාහිර කලාපීය රටවල භූමිකාව සහ පාඨමාලා සහභාගිවන්නන් විසින් ඉදිරිපත් කරන ලද විමසීම් මාලාවක් පිළිබඳව සිය අදහස් පළ කළේය.

කීර්තිමත් ඉන්දීය හමුදා යුධ විද්‍යාලය, උසස් නිලධාරීන් සඳහා උසස් අණදෙන පාඨමාලාව පවත්වනු ලබන අතර අන්තර් සේවා පරිසරයක් තුළ උපායශීලී සහ මෙහෙයුම් මට්ටමින් සියලුම අවි පුහුණුව ලබා දේ. මෙම පාඨමාලාවට සහභාගී වන්නේ ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි නිලධාරීන් පමණක් වන අතර එය ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි හමුදා-උපායමාර්ගික නායකයින් බලගැන්වීම අරමුණු කර ගෙන ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions