Home » ඉන්දියාවට යන්න ඩොලර් 50 යි

ඉන්දියාවට යන්න ඩොලර් 50 යි

by Nirodha Gamage

කන්කසන්තුරේ සහ පොන්ඩිචේරි අතර මගී යාත්‍රා සේවයේ මෙහෙයුම් අප්‍රේල් 29 වැනිදා ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කන්කසන්තුරේ වරායේ යාත්‍රා සේවයට පහසුකම් සැලසීම සඳහා මගී පර්යන්තයක් මේ වන විට ඉදිකරමින් පවතින බව එහි සඳහන් වේ.

මගියකුට කිලෝග්‍රෑම් 100ක බරින් යුත් ගමන් මලු රැගෙන යාමට ඉඩ සලසන අතර එක් ගමනක් සඳහා එක් මගියකුගෙන් ඩොලර් 50ක් අය කරන බව තොටුපළ හිමිකරුවන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

තොටුපළකින් වරකට මගීන් 150ක් රැගෙන යාමට බලාපොරොත්තු වන අතර පොන්ඩිචේරි හි කරයිකාල් වරායේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කිරීමට පැය 4ක පමණ කාලයක් ගතවනු ඇත.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී යාත්‍රා සේවයට සම්බන්ධ විය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions