Home » ඉන්දියානු භූකම්පනය නිසා කොළඹ – යාපනය අධි අවධානම්

ඉන්දියානු භූකම්පනය නිසා කොළඹ – යාපනය අධි අවධානම්

by Nirodha Gamage

ඉන්දීය මාධ්‍ය හා භූ විද්‍යාඥයින් අනාවැකි පළ කරන අයුරින් ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රිච්ටර් ඒකක 8 ක් ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට පමණක් නොව යාපනයට ද ප්‍රබල ලෙස බලපෑ හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරනවා.

රිච්ටර් ඒකක 5 ක විශාලත්වයෙන් යුත් භූ කම්පනයක් දැනට වසර 2කට පමණ පෙර හිමාලයේ සිදු වූ අතර එය කොළඹට ඉතා තදින් දැනුනු බවත් ඒ මහතා පැවසීය.

රිච්ටර් ඒකක 8 ක් යනු එමෙන් සිය ගුණයක් ප්‍රබලත්වයක් යුතු බවත් භූ කම්පනයක් බවත් හානිය ද එතරම්ම ප්‍රබල බවත් ඔහු පෙන්වා දෙයි.

මෑතකදී තුර්කිය හා සිරියාව අසල භූමිකම්පා සිදු වූ රේඛාවට හිමාලයද අදාළ විය හැකි නිසා එම කම්පනයන් අතර යම් සම්බන්ධයක් තිබය හැකි බවද මහාචාර්යවරයා කියා සිටී.

භූමිකම්පාවක් දැනුනහොත් ගොඩනැගිලි වලින් වහා ඉවතට පැමිණ තැනිතලා භූමියක රැදී සිටින ලෙසත් වඩාත්ම ආරක්ෂිත වන්නේ තැනිතලා භූමියක් බව ද ඔහු මහජනතාවට දැනුම් දෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions