Home » ඉදිරියේදී ලක්ෂ 6කට විදුලිය අහිමිවෙයි

ඉදිරියේදී ලක්ෂ 6කට විදුලිය අහිමිවෙයි

by Nirodha Gamage

අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්දි කිරීමේ හැකියාවක් පවතින බව වාර්තා වෙනවා.

විදුලිය සහ ජල ගාස්තු බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භවීමත් සමග සියයට 40 කින් පමණ අඩුවී පැවතුණ බවත් ඉදිරියේදී එය තවදුරටත් අඩුවිය හැකි බවත් එම වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේ අධික විදුලි ගාස්තු හේතුවෙන් වතුකරයේ බොහෝ පැල්පත් නිවාස ළඟදීම අඳුරට යනු ඇති බවයි.

වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලොකු විදුලි බිල් ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වතුකරයේ ජනතාව වෙනුවෙන් විදුලි බිලට සහනයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කළා.

මේ අතර අධික විදුලි බිල්පත් හේතුවෙන් පාරිභෝගිකයන් සිය විදුලි උපකරණ පාවිච්චිය දැනටමත් විශාල වශයෙන් අඩු කර ඇති අතර එය ඉදිරියේදී තවත් වැඩිවිය හැකියි.

අධික විදුලිය සහ ජල ගාස්තු හේතුවෙන් විදුලිය සහ ජලය වංචනිකව ලබා ගැනීමේ සිද්ධීන්ද වැඩිවී ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

අධික විදුලි සහ ජල ගාස්තු හේතුවෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල්ද එම බිල්පත් ගෙවීමට වැයකිරීමට සිදුවී ඇතැයි පාරිභෝගිකයින් චෝදනා කරනවා.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions