ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය එනම් රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් 2022 වසරේදී උපයා ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4.2 ක ආදායමක් උපයා ඇති අතර දේශීය තරඟ සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ඇති මුදල රුපියල් බිලියන 2.27 කි.
උපයාගත් ආදායමෙන් රුපියල් බිලියන 1.2 ක් සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.