Home » ඉතිහාසයේ දැවැන්තම ජන විරෝධය හෙට (26) කොළඹට – අනුර දිසානායක

ඉතිහාසයේ දැවැන්තම ජන විරෝධය හෙට (26) කොළඹට – අනුර දිසානායක

by Nirodha Gamage

මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින් අද (25) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේය.

මැතිවරණ කොමිසම නැමිලා, යටත් වෙලා කටයුතු කරන බවක් තමයි අපිට පෙන්නන්නේ. ඒ හින්දා මැතිවරණ කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තියන බලතල, මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක දීම සංධ මැතිවරණ කොමිසම මීට වඩා කටයුතු කළ යුතුයි කියලා අප විශ්වාස කරනවා. නමුත් කොමිසම කටයුතු කරන්නේ ඇඟ බේරා ගැනීමේ න්‍යායෙන් බවයි අපිට පේන්න තියෙන්නේ.

මේ මැතිවරණය මේ නිසා මේ වෙලාවේ තියන්නම ඕන මැතිවරණයක්, මොකද ජනාධිපතිවරයාට ජනවරමක් නෑ, විශේෂයෙන්ම ගෝඨාභයගේ ඉතිරි කාලය අදින්න තමයි රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තියෙන්නේ.නමුත් රනිල්ට තියෙන්නේ ගෝඨාභයට ප්‍රතිපක්ෂ ජනවරමක්,රනිල් පලවා හැරීමට තමයි ගෝඨාභයට මිනිස්සු ඡන්දෙ දුන්නේ, ප්‍රතිපක්ෂ ජනවරමින් තමයි ඔහු ජනාධිපති වෙලා තියෙන්නේ,ඒක ජනවරම විකෘති කිරීමක් ඒ වගේම පොහොට්ටුවේ ආණ්ඩුව කැඩිලා විසිරිලා තියෙන්නේ, ඒනිසා මේ වෙලාවේ මැතිවරණයක් පැවැත්වීම අනිවාර්යය කාර්යයක්. නමුත් රනිල් දන්නවා ජනතාවගේ කැමැත්ත ඒ නිසා ඔහු මැතිවරණය පැවැත්වීම ප්‍රතික්ෂේප කරනවා.

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී වියරුව පරාජ කිරීම සඳහා සියලු පක්ෂ, කණ්ඩායම්, වෘත්තීය සමිති ඇතුළු සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා හැකි ස්ම දෙයක්ම කරන්න ඒ වෙනුවෙන් අපි හෙට (26) විශාල ජන විරෝධයක් කොළඹදී “කොළඹ විරෝධය” නමින් තියන්න කටයුතු කරලා තියනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions