Home » ඈන් කුමරිය ලංකාවට

ඈන් කුමරිය ලංකාවට

by Plus One

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරිය වන ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය ඊයේ (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට පැමිණ තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානීය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සඳහා මෙරට රජය කළ ආරාධනය මත කුමරිය මෙරට සංචාරයේ නිරතවන බවයි.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ සහ ඊඩ්න්බර්ග් ආදිපාද පිලිප් කුමරුගේ එකම දියණිය වන ඇය මේ වන විට 73 හැවිරිදි වියෙහි පසුවනවා.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත පැමිණෙන ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සුහද හමුවකට ද එක්වීමට නියමිතයි.

අද (11) මහනුවර දළඳා මාළිගාවට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඈන් කුමරිය යාපනය මහජන පුස්තකාලය, මුහමලෛ බිම්බෝම්බ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීමේ ස්ථානය නිරීක්ෂණයට එක්වනු ඇති.

එළඹෙන 12 වනදා ඇය කොළඹ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් කොමිසම, කොළඹ වජිර පිල්ලෙයාර් කෝවිල ආදී ස්ථාන රැසක් නැරඹීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions