Home » ඇලෙප්පෝවට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ඇලෙප්පෝවට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

by Nirodha Gamage

මාස 6ක් ඇතුළත ඊශ්‍රායලයෙන් සිරියාවේ ඇලෙප්පෝ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ දෙවැනි ප්‍රහාරය වාර්තා කරමින් ඊයේ අලුයම ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව සිරියාවේ මාධ්‍ය වාර්තා කළේය.පසුගිය මාසයේ තුර්කියේ හා සිරියාවේ සිදු වූ දරුණු භූ කම්පනයේ දැඩි බලපෑමට ලක්වූ සිරියානු ජනතාවට ජාත්‍යන්තර රටවලින් සහනාධාර රැගත් ගුවන්යානා ගොඩ බැස්සවීම් සිදුකළ මේ ගුවන් තොටුපොළට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයත් සමඟ ගුවන්තොටුපොළ වසා දැමීමට සිදු වූ බව ද එරට මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් ගොඩනැඟිලි රැසකට හානි සිදු වී ඇති නමුත ජීවිත හානි කිසිවක් ඊයේ පස්වරුව වනතුරුම වාර්තා වී නැත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions