Home » ඇමරිකාවෙන් ලංකාවේ ළමුන් මිලියනයකට ආහාර

ඇමරිකාවෙන් ලංකාවේ ළමුන් මිලියනයකට ආහාර

by Nirodha Gamage

2023 මාර්තු 13 උදෑසන, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, සිසුන්ට උදෑසන ආහාරය සැපයීම සඳහා කොළඹ 15, ශාන්ත ජෝන් මහා විද්‍යාලයට පැමිණියාය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) එක්ව දිවයින පුරා පාසල් 8000 කට ආසන්න පාසල් ආහාර වැඩසටහනට සමගාමිව ලික් අම්ලය සහ යකඩවලින් සාරවත් ඇට වර්ග සහ සහල් ලබා දෙයි.

“USAID-WFP ආහාර මේ වසරේ ශ්‍රී ලංකාව පුරා ළමුන් මිලියනයකට ළඟා වනු ඇත. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සහාය වීම සඳහා පසුගිය වසර පුරා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 270 කට වැඩි නව ආධාර අතර පාසල් පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය ද වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions