Home » ඇමති වාහන වෙන්දේසියට

ඇමති වාහන වෙන්දේසියට

by Nirodha Gamage

මැති ඇමැතිවරුන්ට ලබා දුන් රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුතු වාහන 6ක් වෙන්දේසි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ එම වාහන අලුත්වැඩියා කිරීමට මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන්.

2020 වසරේ සිට අමාත්‍යාංශ පරිශ්‍රයේ ගාල් කර තිබෙන ලෑන්ඩ්කුෂර් වර්ගයේ V8, ලෑන්ඩ් රෝවර්, මයික්‍රෝ, ටාටා වර්ගයේ රථ මෙලෙස වෙන්දේසි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම වාහන 2013 වසරේ නිෂ්පාදිත බවත් මේ වන විට එම වාහනවල ඇතිවී තිබෙන කාර්මික දෝෂ අලුත්වැඩියා කිරීමට ඉතා විශාල මුදලක් වැය වන බව සඳහන්.

කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් එම රථ අලුත්වැඩියා කළ හොත් අනෙකුත් වාහන අලුත්වැඩියා කිරීමට මුදල් නොමැතිව යන බව එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions