Home » ඇමති තීරණයෙන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 238ක් කොට උඩ.

ඇමති තීරණයෙන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 238ක් කොට උඩ.

by Plus One

තෙල් පෝලිම්වල දින ගණනාවක් සිටි ජනතාවට යලිත් ඊට වඩා බරපතළ ඛේදවාචකයකට මුහුණදීමට සිදු වේ යැයි අපට සිතේ. ඒ ඊයේ දිනයේදී ඛණිජතෙල් සංස්ථාව ගනු ලැබූ තීරණයක් අනුව සිපෙට්කෝ ආයතනයහි පිරවුම්හල් 238ක් පවත්වාගෙන යාමට නොහැකිවන තත්ත්වයක් පැන නැගී ඇති බැවිනි.

මේ බව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම්සිරි සන්දනායක මහතා කියා සිටියේ සංස්තාව විසින් හදුන්වාදුන් නව නඩත්තු මුදල් ගෙවීමට පිරවුම්හල් 238කට නොහැකි බවයි. දැනට පිරවුම්හලකට කොමිස් වශයෙන් 2.75%ක් හිමිවන අතර එම කොමිස් මුදලින් 35%ක් යලි සංස්ථාවට නඩත්තු වශයෙන් ගෙවන ලෙස නියෝග කර ඇත.

මෙම වසරට අදාල නඩත්තු මුදල් දෙසැම්බර් 25වන දිනට පෙර ගෙවන ලෙස ද දන්වා ඇති බවත් එසේ නොගෙවන පිරවුම්හල් සදහා ඉන් පසු ඉන්ධන නිකුත් නොකරන බවත් කුසුම්සිරි මහතා කියා සිටි.

ඒ අනුව දිනෙන් දින වැඩි වන බදු හා වැට් අතර මෙලෙස පිරවුම්හල්වලින් නඩත්තු ලෙසද මුදල් ලබා ගැනීමෙන් පීඩාවට පත්වන්නේ ජනතාව නොවේද.

මේ අතර සමගි ඒකාබද්ධ සමිති සම්මේලනයේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටින්නේ සිපෙට්කො පිරවුම්හල්වලට මෙසේ කලත් සිනොපෙක් ආයතනයට බදු නිදහස් වීම්ද ලබා දී ඇති බවයි

ලහි ලහියේ කිසිදු ටෙන්ඩර් විමසීමකින් තොරව තම හිතවත් සිනොපෙක් ආයතනයට රට තුල ඉන්ධන බෙදාහැරීමට අවසර ලබා දුන් අමාත්‍යවරයා වැඩ කටයුතු කරන විදිය ගැනනම් ජනතාව සැකයෙන් බලනු ඇත,,

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions