ඇමති තීරණයට එරෙහිවූ විරෝධතාවයේ යෙදුණු සේවකයන්ගේ සේවය අත්හිටුවයි
previous post
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු එහි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවා ඇති බවත්, ඔවුන් සියලු දෙනාම ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් භාර ලිපිකරුවන් බවත් වාර්තා වේ.
අදාල විරෝධතාවලදී සේවාවලට බාධා කරන හෝ මාර්ගෝපදේශ කඩකරන සේවකයන්ගේ වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබුණු අතර අදාළ විරෝධතාවයේදී ඔවුන් මුදල් අය කිරීමේ කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවා දැමීමට බාධා වන ලෙස හැසිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.