Home » ඇමති කෙහෙළියට නොකැපුණු විදුලිය, මහ නුවර මහ රෝහලට කැපෙයි

ඇමති කෙහෙළියට නොකැපුණු විදුලිය, මහ නුවර මහ රෝහලට කැපෙයි

by Plus One

රු ලක්ෂ 48ක විදුලි බිලක් නොගෙවීම සම්බන්ධයෙන් මහ නුවර මහ රෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්දි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරි ඇල්ල පවසයි.

” ගරු කතානායකතුමනි මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා. ලක්ෂ 48 ක බිලක් තියෙනවා. ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක නවත්තලා. රේඩියන්ට් ට්‍රීට්මන්ට් පුච්චන එක කරන්න එපැයි. මට ඊයේ දොස්තර ගැන කතා කරලා කිව්වා. මම කෙහෙළිය ඇමතිතුමාට පෞද්ගලිකවත් කතා කෙරුවා. මේ ලයිට් බිල ගෙවලා රෝගීන්ට ප්‍රතිකාර කරන්න අවස්ථාව දෙන්න කියලා.” යනුවෙන් පවසමින් මන්ත්‍රීවරයා අදාළ කරුණ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හට පැවසුවා.

කෙසේ නමුත් ලක්ෂ ගණනක පොලු තිබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියගේ නිවසේ විදුලිය නොකැපූ විදුලිබල මණ්ඩලය රෝහලක විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ජනතාව දැඩි ලෙස විවේචනය කර තිබුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions