Home » ආසියාව හොල්ලන අපේ ක්‍රිකට් කෙල්ලෝ

ආසියාව හොල්ලන අපේ ක්‍රිකට් කෙල්ලෝ

by Nipuna Fernando

මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 3 ක ජයක් වාර්තා කිරීමට සමත් විය. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු විය. පන්දුවට පහරදීමේදී නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 28 ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18 ක් හා හසිනි පෙරේරා හා කවීෂා දිල්හාරි ලකුණු 11 බැගින් ලබා ගන්නා ලදි.

පසුව යළිත් තරඟය ආරම්භ වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 7කදී තරගය ජය ගැනීම සදහා ලකුණු 41 ක ඉලක්කයක් හිමි වූ අතර කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවර 7 තුළ දී කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 37 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර පන්දුවාර 2ක් යොමුකර ලකුණු 7 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions