Home » ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

by Nipuna Fernando
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී  දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණ. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සැප්තැම්බර් මස 30 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුව ආරම්භයට පෙර එම කුසලානය කෞතුකාගාරයේ තැන්පත් කෙරිණ. මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2022 වසරේ දිනා ගන්න ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. ඊට අමතරව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂිතම කුසලාන ලෙසින් සැලකෙන 1996 ලෝක කුසලානය සහ 2014 වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන ද්විත්වයම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යාබදව, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ. එම සුවිශේෂී කුසලාන ඇතුළු ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත්ව සිටින කුසලාන රැසක් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන අතර එය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රිකට් ලෝලී ජනතාවට ආරාධනා කර සිටියි. ක්‍රිකට් කෞතුකාගාරය සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව තැබෙනු ඇත.
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions