Home » ‘ආර්නොල්ඩ් ක්ලැසික්’ ගිය ලූෂන්

‘ආර්නොල්ඩ් ක්ලැසික්’ ගිය ලූෂන්

by Nirodha Gamage

කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇමරිකාවේ ‘ආර්නොල්ඩ් ක්ලැසික්’ තරගාවලියේ අද (02 වැනිදා) තරග වැදීමට නියමිතය.

ඇමෙරිකාවේ කොලොම්බස් හි ඔහායෝ හි පැවැත්වෙන එම තරගාවලියේ ‘සුපර් හෙවි’ කාණ්ඩය යටතේ ‘බොඩි බිල්ඩින්’ ඉසව්වෙන් ඔහු තරග වදී.

තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන ලූෂන් එහි පසුගිය වර ඉසව්වේ දී 4 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූයේය.

අදහස් දැක්වූ ලූෂන් ප්‍රකාශ කළේ තරගාවලිය ජය ගැනීමට උපරිම උත්සාහ දරන බවයි.

“පසුගිය තරගාවලියේ මම හතරවෙනි ස්ථානය ලබා ගත්තා. මේ අවස්ථාවේ ඊට වඩා ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න තමයි බලාපොරොත්තුව. මේ වෙනුවෙන් මම ඇමරිකාවට පැමිණ පසුගිය දවස්වල ගොඩක් මහන්සි වී පුහුණු වීම් කළා. අපි බලමු ලංකාවට ජයග්‍රහණයක් ලබා දෙන්න” යැයි ඔහු පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions