Home » ආර්ථික නවීකරණයට අවශ්‍ය පනතක් පාර්ලිමේන්තුවට – ජනපති

ආර්ථික නවීකරණයට අවශ්‍ය පනතක් පාර්ලිමේන්තුවට – ජනපති

by Plus One

“සැමට සමාන අවශ්‍යතා නිර්මාණය කළ යුතුව තිබෙනවා කුඩා කණ්ඩායමක් පමණක් පොහොසතුන් කරන ආර්ථික ක්‍රමයක් නොව සමස්ත රට ඉහලට ඔසවන ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුයි.” යැයි කියා සිටිමින් ජනපති රනිල් සිය ආර්ථික දැක්ම පාර්ලිමේන්තුව ප්‍රකාශ කර සිටියේය.

එසේම, “අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවා සුභසාධන කාර්යයන් වලින් සමාජයේ සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙනවා දැයි බැලිය යුතුයි.”

“අප ඉදිරි ගමන සකස් කරගත යුත්තේ වර්තමාන තත්ත්වය හොඳින් අවබෝධ කරගැනීමෙන් අනතුරුවයි.”

“අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මය ජාතික ආරක්ෂාව ආදී සියල්ල නවීකරණයට ලක් කළ යුතුව තිබෙනවා.”

“ආර්ථික නවීකරණය සඳහා අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.” යැයි ද කියා සිටියේය.

ආර්ථික නවීකරණය සම්බන්ධයෙන් ජනතාවට බලාපොරොත්තු සහගත දැක්මක් ඇති කරන්න ජනපති රනිල් වික්‍රමසිංහ උත්සහ කරමින් සිටිනබව පෙනී යමින් පවතිනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions