Home » ආදායමක් උත්පාදනය නොකරන ජනතාව මත බදු ගසා ආර්ථිකය ගොඩනැගිය හැකියැයි සිතීම අඥාන ක්‍රියාවක් – ජනක රත්නායක

ආදායමක් උත්පාදනය නොකරන ජනතාව මත බදු ගසා ආර්ථිකය ගොඩනැගිය හැකියැයි සිතීම අඥාන ක්‍රියාවක් – ජනක රත්නායක

by Plus One

ආර්ථිකය ගිය වසරේ සියයට 9 කින් කඩා වැටුණ බවත්, මේ වසරේ සියයට 4 කින් කඩා වැරටන්නට නියමිත බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අනතුරු අඟවයි.

ඔහු ප්‍රශ්න කරන්නේ සංකෝචනය වන ආර්ථිකයක ඉන්න මහජනතාවගෙන් සියයට 18 වැට් ආදායමක් ලබා ගත හැක්කේ කෙසේද යන්නයි.

ආදායමක් උපයන්නේ නැති මහජනතාවගෙන් ආදායම් ලබාගෙන රට ගොඩනැගිය හැකියැයි සිතන අඥාන පාලකයින් නිසා මන්දපෝෂණය වැඩිවී රට් බරපතල දීර්ඝකාලීන ගැටලු මතු කරන බව රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා,
“ ආදායමක් දුන්නොත් තමයි යම් ප්‍රමාණයක් මහජනතාවගෙන් ගන්න පුළුවන්. මිනිස්සු අතේ තියෙන දේ සූරලා ගත්තාම මොකද වෙන්නෙ? මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැති වෙනවා. මේකෙ ප්‍රතිඵලය හරිම භයානකයි. මන්ද පෝෂණය, අධ්‍යාපනය නැතිවීම වගේ ප්‍රශ්න ඉතා දීර්ඝ කාලීනයි. අධ්‍යාපනය වගේ තමයි, ප්‍රතිඵලය එන්න තව අවුරුදු 20 කින් හෝ 30 කින්. දැන් ඉන්න ජනාධිපතිවරයා 2048 රට දියුණු කරකොට මේකෙන් භාගයක් මන්දපෝෂණයෙන් පෙළෙන මිනිස්සු. ආයෙ දියුනු කරන්න දෙයක් නෑ. කන්ඩ ඕනිත් නෑ. මේ විහිළු කතා නොකියා ඉස්සර වෙලාම මහජනතාවට තුන්වේල කන්න ක්‍රමරේදයක් හදන්න ඕන. ඒක දෙන්ඩ පුළුවන් වෙන්නෙ රජය ආර්ථික කටයුතුවලින් ආදායම් ලබලා. එතකොට තමයි රට දියුණු වෙන්නෙ. ණය අරගෙන රට දියුනු කරන්න බෑ. ”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions