Home » රුවන් විජේවර්ධන බීච් එකටත් සුද්දයක් දෙන්න සැරසෙයි

රුවන් විජේවර්ධන බීච් එකටත් සුද්දයක් දෙන්න සැරසෙයි

by Plus One

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රිය යාන්ත්‍රණයක් සැකසීම සදහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සංවිධානය කටයුතු ආරම්භ කොට ඇත.

මේ සදහා අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන එක්කොට යාන්ත්‍රණයක් සැකසීමට, වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සදහා සකසන ලද යෝජනාවලිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉදිරිපත් කොට ඇත.

මෙම යෝජනාවලිය අනුව වෙරළ ආශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධිත සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ කලාපය කළමනාකරණය සදහා කමිටු ස්ථාපනය කිරීම සිදු කරනු ලබයි. මෙමගින් වෙරළ කලාපය හා ධීවර වරායන් තුල පරිසර දූෂණය පාලනය කිරීම, අවම කිරීම හා වැළැක්වීම සදහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කිරීමට හැකිවනු ඇත.

මීට සමගාමීව වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සුහුරු තාක්ෂණය ඔස්සේ ජංගම දුරකථන මෘදුකාංගයක් (Mobile Application) හදුන්වා දී ඇත.

මෙම මෘදුකාංගය (Mobile Application) සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත ඉතා කෙටි කාලයක් ඇතුලත ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සියලු කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරමින් පවතින බව අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව මහතා පැවසීය.

මෙම යෝජනාවලීන් ක්‍රියාවට නැංවීම තුලින් වෙරළ කලාපය හා ධීවර වරායන් තුල පරිසර දූෂණ වැළැක්වීම හා පාලනය කිරීම සදහා එම විෂයන්ට අදාළ ආයතන සතු වගකීම තවදුරටත් තහවුරු කර ගනිමින් එම ආයතන සාමුහිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් මේ වනවිටත් පිහිට වනු ලැබූ ජාතික කමිටු හා දිස්ත්‍රික් කමිටු හා පළාත් පාලන ආයතන මට්ටමින් පිහිටුවනු ලැබූ ප්‍රාදේශීය කමිටු හරහා ඵලදායී ලෙස වෙරළ කලාපයන්, ධීවර කලාපයන් තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීමටත් ශ්‍රී ලංකව ජාත්‍යන්තරයට එකඟ වී ඇති ගෝලීය සංවර්ධන ඉලක්ක සපුරාලමින් මහජනතාවටත් විදේශීය සංචාරකයින්ටත් වඩාත් ආකර්ශනීය ස්ථාන ලෙස වෙරළ හා ධීවර වරායන් පවත්වා ගෙන යාම, පමණක් නොව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සදහා ද දායක වීම තුළින් නිරෝගී මතු පරපුරක් රටට දායාද කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.

පරිසර අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල. බී. රැකව, සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහත්වරුන් සහ මධ්‍යම පරිසර අධිකාරිය, ධීවර සංස්ථාව ඇතුළු මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ ආයතන රැසක ප්‍රධානීන්ද මෙම ප්‍රයත්නය වෙනුවෙන් පැවැත්වූ සාකච්ජාවට එක් වී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions