Home » ආණ්ඩුවට එදිරිව එක් පෙරමුණක් ගොඩ නැගෙයිද?

ආණ්ඩුවට එදිරිව එක් පෙරමුණක් ගොඩ නැගෙයිද?

by Nipuna Fernando

“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට එළඹුණා.

ඒ පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව ඒකමතික සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

නිදහස ජාතික සභාව මෙය සංවිධාන කළ අතර ජාතික ජන බලවේගය හැර විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තු කමිටු කාමරයක පැවති මෙම සාකච්ඡාවට සහභාගී වුණා.

එම පක්ෂවලට අමතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම උදෙසා රජය විසින් දරනු ලබන ප්‍රයත්නයන් පරාජය කිරීමට රටේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ විසින් ඒකමතිකව යෝජනා සම්මත කරන ලදී.”

ගිවිසුම ට අත්සන් තැබූ සාමාජිකයින් පහතින්,

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions