Home » අස්වැසුමට වසරකට රුපියල් බිලියන 208 ක්

අස්වැසුමට වසරකට රුපියල් බිලියන 208 ක්

by Nirodha Gamage

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා වසරකට රුපියල් බිලියන 208ක මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ඊයේ දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

දිගින් දිගටම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමට අමතරව හැකිතාක් දුරට සවිබලගැන්වූ ජන සමාජයක් බිහි කිරීම සඳහා ඉදිරියේදී වැඩි අවධානයක් යොමුකොට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය හරහා නව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ද සේමසිංහ මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස දැනටමත් උපදෙස් ලබා දී තිබෙනුයේ හැකි තරම් සවිබල ගැන්වූ පිරිස් බිහිකිරීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු යැයි ද සේමසිංහ මහතා කියා සිටියේය.

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මේ වසරේ සිට ඉදිරියට වසර තුනක් ක්‍රියාත්මක කරන අතර, එය වසරින් වසර යාවත්කාලීන කිරීමට ද රජය පියවර ගන්නා බව ද ඔහු කීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions