Home » අලුත් තනතුරක් සමඟින් නාමල් කරළියට…

අලුත් තනතුරක් සමඟින් නාමල් කරළියට…

by Nipuna Fernando

කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර තිබේ.

සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විසින් එම අනු කමිටුවේ සභාපති ධුරය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර අලි සබ්රි අමාත්‍යවරයා විසින් එය ස්ථිර කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා එම ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරුන් එහිදී එකඟතාව පළකර තිබේ.

එම අදහස් හා යෝජනා අනුව කෙටිකාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යකාලීන යෝජනා දෙමසක් ඇතුළතත් දීර්ඝකාලීන යෝජනා තුන් මසක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමටත් එම අනු කමිටු සාමාජිකයෝ එකඟ වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions