Home » අපේ B ටීම් එක සජබේ – අනුර කුමාර

අපේ B ටීම් එක සජබේ – අනුර කුමාර

by Nirodha Gamage

පළාත් පාලන මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ තරග වදින එම පක්ෂයේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට බදුල්ල සේනානායක පිටියේ පෙරේදා (21) පස්වරුවේ පැවැති ප්‍රචාරක රැලියට සහභාගි වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාර දෙකක් යනවා. එකක් ජාතික ජන බලවේගය අපි විසින් රට ගොඩනඟන විදිය, මේ විපතින් ගොඩ ගන්න විදිය ගැන ජනතාව එක්ක කරන කතාව.

අනෙක, සජබයේ මැතිවරණ ව්‍යාපාරය. මෙතැන තිබ්බා නේද සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක් එහෙනම් අපිට කියන්න දේකුත් නෑ. එයත් ඇවිල්ලා අපිට ඡන්ද හදනවා. ඒ අපේ බී ටීම් එක.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂ නායකයාගේ මේ අවුරුද්දේ වියදම කෝටි 23යි. අවුරුදු 30ක් එයාගේ මැණියන් බලා ගන්නේ රටේ ජනතාවගේ සල්ලිවලින් මේ අවුරුද්දේ එයාගේ මැණියන් බලා ගැනීමේ වියදම ලක්ෂ 82යි. ඒ නිසා අපි කියනවා රනිල්, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස මේ ඔක්කොම එකම පැත්තේ අය කියලා .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions