Home » අනුර හමු වීමට ආ නවසීලන්ත මහ කොමසාරිස්

අනුර හමු වීමට ආ නවසීලන්ත මහ කොමසාරිස්

by Plus One

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ඊයේ (6) ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයට පැමිණියා. ඒ තම තානපති සේවය අවසන් කිරීමට පෙර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවීමටයි.

නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් නිල වශයෙන් පළමු වරට ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමත් සමග මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ රාජකාරි ආරම්භ කරන ලද අතර ඔහු වසර දෙකහමාරක ශ්‍රී ලංකාවේ රාජකාරි ජීවිතයෙන් සමුගැනීම සටහන් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.

අභියෝගාත්මක කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණ දෙරට අතර තානාපති සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මයිකල් ඇපල්ටන් මහතා විසින් දක්වන ලද දායකත්වය අනුර කුමාර මහතා පැසසුමට ලක් කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions