Home » අනුර-ටිල්වින්-සුනිල් ගෙවල් හැදුවේත් සාමාජික මුදල් වංචාවකින් – රටේ රාළ

අනුර-ටිල්වින්-සුනිල් ගෙවල් හැදුවේත් සාමාජික මුදල් වංචාවකින් – රටේ රාළ

by Plus One

ජවිපෙ විප්ලවීය ජීවගුණය ඩෝලර් සහ රුපියල් හමුවේ දියවී යයි,


ජවිපෙ කියන්නේ ඉතිහාසය පුරාම තමන්ගේ දේශපාලන සූජාතභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කරපු පක්ෂයක්.ඒත් අද ජවිපෙට දේශපාලන සුජාතභාවය වෙනුවට ඉතුරුවෙලා තියෙන්නේ දේශපාලන අනාථභාවය.හැබැයි ඒ ගැන කිසිම කම්පනයක් ජවිපෙ වත්මන් නායකයන්ට නෑ. බලය සහ බඩ හැර එයාලටත් වෙන දෙයක් නැති ගානට වැටිලා.ඒ තරමටම ජවිපෙ දැන් දූෂිත වෙච්චි දේශපාලන ව්‍යාපාරයක්.ජවිපෙ විසින් මජරයි කියන දේශපාලනය සහ ජවිපෙ දේශපාලනය අතර කිසිදු වෙනසක් නෑ.
එකම වෙනසකට තියෙන්නේ,ඒ පක්ෂවල සාමාජිකයන් තමන්ගේ නායකයන් හොරකම් කරන බව දැනගෙන දේශපාලනය කරනවා. ජවිපෙ සාමාජිකයන් තමන්ගේ නායකයන් හොරකම් කරන බව නොදැන දේශපාලනය කරනවා.ඒ අතින් ජවිපෙ සාමාජිකයා කියන්නේ අමුම අමු මෝඩයෙක්.ජවිපෙ වර්තමාන නායකයන් අතිශයින් දූෂිතයන් බව රටේ රාළ වගකීමෙන් කියනවා.දුෂිතයි විතරක් නෙවෙයි එයාලා ලේ පිපාසිතයි.හිංසනයෙන් සහ ඝාතනයෙන් ප්‍රශ්න විසදන්න තවමත් එයාලා හිතනවා.


ඒක ජවිපෙ විතරක් නෙවෙයි ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය පුරාම තිබුණ ලක්ෂණයක්.ධනපතියන්ට වඩා එයාලා වඳ හිංසා කරලා තියෙන්නේ තමන්ගේ පන්තියේ අයට.ඒ හිංසනයට ලක්වුන කෙනෙක් විදිහට සහ ඒ හිංසනයට ලක්වුන තවත් ගොඩක් අය ගැන රටේ රාළ දන්නවා. ජවිපෙට තවමත් රාජ්‍ය බලය නොලැබුන හින්දා එයාලට ජනතා දේපල හොරකම් කළා කියන චෝදනාව එල්ල කරන්න බෑ.හැබැයි ජවිපෙට අවස්ථාව ආපු හැම තැනදීම ජවිපෙ ජනතා දේපල අවභාවිතා කළා.

2005 ජනාධිපතිවරණයෙන් මහින්ද දිනවීම වෙනුවෙන් ජවිපෙට කප්පම් විදිහට හම්බවුන වී Fm නාලිකාව කියන්නේ ඡනතා දේපලක්.

ඒ සංඛාත අයිති ජනතාවට.වී Fm එක විකිණීම අනුර කරපු ඉතා දුෂිත ගනුදෙනුවක්.තවත් ඒ වගේ යටිබිම්ගත ගනුදෙනු ගොඩක් තියනවා. අභියෝග කරනවා නම් හෙලිකරන්න ලෑස්තියි.ජවිපෙ මේ දුෂිත ගනුදෙනු වහගන්න සහ ඒවා සාමාජිකයාගෙන් වසන් කරගන්න පාව්චිචි කරගන්නේ ජවිපෙ ඇතුලේ තිබුණ විප්ලවීය සංස්කෘතිය.තමන් යන්නේ ලිබරල් ගමනක් කියලා පිලිගනීමින් ඒක කරනවා නම් අඩුම ගානේ ජවිපෙ රටට නූනත් තමන් කරන හොරකමට හරි අවංක වෙනවා.රෝහණ විජේවීර බිහිකරපු විප්ලවීය පක්ෂ සංස්කෘතිය අනුරලා,ටිල්වින්ලා දැන් විනාශ කරලා ගොඩක් කල්.


එහෙම එකක් තවදුරටත් ජවිපෙ ඇතුලේ නෑ. විජේවීර පක්ෂයට පුර්ණකාලීන සාමාජිකයා හඳුන්වාදීමත් එක්ක නිර්මාණය වුන පක්ෂ සංස්කෘතියක් තියනවා.ජවිපෙ පූර්ණකාලීනයා කියන්නේ සමස්ථය පක්ෂය වෙනුවෙන් කැප කරපු කෙනෙක්.එයා පෙනී සිටියේ පක්ෂ අරමුණ වෙනුවෙන්.ඇත්තටම ජවිපෙ සාමාජිකයාගේ අරමුණ උනේ සමාජ පරිවර්තනයක්.වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම.ඒ වෙනුවෙන් පුර්ණකාලින වෙන්න තීරණය කරපු සගයන් ඒ තීරණය වෙනුවෙන්ම දැවැන්ත කැපකිරීමක් කළා.


උසස් අධ්‍යාපනය,උපාධිය අතාරින්න සිද්ධ වුනා වෛදය උපාදිය පවා පක්ෂ වෙනුවෙන් අත්හැරපු අය අදත් ජීවතුන් අතර ඉන්නවා.71 හා 88/89 අරගලවලදී ව්වාහ ගිවිසගෙන හිටපු පෙම්වතුන්ට විප්ලවය වෙනුවෙන් සිය ව්වාහය කැපකරන්න සිද්ධවුනා.තවමත් ඒ මිනිස්සු තනිකඩව ජීවත් වෙනවා.71 සහ 88/89 අරගලවලදී මියගිය තමන්ගේ සඟයන්ගේ දරු පවුල බාර ගන්න තරම් කාරුණික හිත් තියන මිනීසුන් සිය දහස් ගණනක් ජවිපෙ ඉතිහාසය ඇතුලේ හිටියා. පක්ෂ පූර්ණකාලීනයා සමස්ථය පක්ෂ වෙනුවෙන් කැප කරද්දී එයාගේ ජීවිතය ගැටගහගන්න ඕනි සරල අවශ්‍යතා ටික සැපිරුවේ පක්ෂ සමාජිකයා.


තියන විදිහට කන්න ටික දුන්නා.නවාතැන් දුන්නා.ඊළඟ ගමනාන්තයට යන්න බස් වියදම සාක්කුවට දැම්මා.පක්ෂ පූර්ණකලීනයා තියන දේකින් යැපෙමින් තමන්ගේ සමාජ වගකීම ඉෂ්ඨ කිරීම වෙනුවෙන් කැපවුනා.රටේ රාළගේ ජවිපෙ පුර්ණකාලින ජීවිය අවුරුදු 20 කට ආසන්නයි.එදා ගමේ පන්සල කියන්නේ ජවිපෙ සාමාජිකයාගේ අනිවාර්ය නවාතැන් පොලක්. ඒතන නවාතැනක් සහ කෑමට යමක් තිබුණා. ඒ වගේම සමාජවාදී භික්ෂු සංගමයට සාමාජිකයන් ගේන තැනත් එතන වෙලා තිබුණා.ජවිපෙ ආරම්භයේදී පටන් වර්ධනය වුන මේ සංස්කෘතිය විවිධ වකවානුවලදී විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් වගේම සංවර්ධනය වෙමින් ඉස්සරහට ආවා.


ස්වභාවයේ යම් යම් වෙනස්‌කම් සිද්ධ වුනත් ඒ ගුණයන් සෑහෙන කාලයක් නොනැසී පැවතුණා.ඒ සංස්කෘතිය තමයි අද ජවිපෙ නායකයින් අවභාවිතා කරන්නේ.මට අහවලා මේ ෂර්ට් එක අරන් දුන්නා.මේ බෙල්ටි එක දුන්නා.මේ ඔරලෝසුව දුන්නා කියමින් එයාලා පහල සාමාජිකයාට කරන්නේ රඟපෑමක්. ඇත්තටම එයාලා දැන් බිස්නස්කාරයෝ. එයාලගේ පෞද්ගලික වත්කම් මිලියන ගනන්වලින් තියෙන්නේ.ජවිපෙ ජනතාව අතර තහවුරු වෙන වේගයත් එක්ක ජනතාව ජවිපෙට දෙන සහයෝගය වැඩිවුනා.ජවිපෙ එදා මැතිවරණ කළේ ජනතාව දුන්න සල්ලිවලින්.වේදිකා හැදුවේ ජවිපෙ සහෝදර සහෝදරවරුන්ගේ දහඩිය මහන්සියෙන්.


ආධාර සහ පරිත්‍යාගය කරපු අයට තමන් කරපු පරිත්‍යාගයට වෙනදේ ගැන අදහසක් ජවිපෙන් හැදුවා.ඒක පක්ෂයේ මොන වැඩේටද ගත්තේ කියලා එයා දැනගෙන හිටියා. සාමාන්‍යයෙන් ජවිපෙට මුදල් ආධාර දෙන්න ඉදිරිපත් වුන ව්‍යාපාරිකයන් හම්බ වෙන්න ජවිපෙ සාමාජිකයා තනියම ගියේ නෑ.ජවිපෙ සාමාජිකයා ගියේ තවත් සාමාජිකයෙක් එක්ක. ඒ විශ්වාසය තහවුරු කිරීම වෙනුවෙන්.ඒ වගේම ගත්ත මුදල් ගැන සටහනක් ඔවුන් ඉදිරියේදීම තියාගත්තා.සමහර ව්‍යාපාරිකයන් තමන්ගේ නම සටහන් කරනවාට එකඟ නොවුන අවස්ථාත් තිබුණා.
ඒත් ජවිපෙ සාමාජිකයන් දෙන්නෙක් යන හින්දා විශ්වාසය සම්බන්ධ ප්‍රශ්නයක් ආවේ නෑ.රටේ රාළ විජිත,අනුර,නන්දන ගුණතිලක එක්ක ඒ වගේ අවස්ථා ගණනාවකට සම්බන්ධ වෙලා තියනවා.කොහොම උනත් මේ විවෘතභාවය පැවතුණේ 2005/2006 වගේ කාලය වෙනකම් විතරයි.සෝමවංශ ඒ සංස්කෘතිය රැකගෙන ඉදිරියට ආවත් සෝමවංශගේ බලය පක්ෂය ඇතුලේ දුර්වලවීමත් එක්ක සියල්ල හතර දෙනාගේ කල්ලිය අතට පත්වුනා.හතර දෙනාගේ කල්ලිය සියල්ල කනපිට හරවලා තමන්ට ගැලපෙන විදිහේ පක්ෂයක් නිර්මාණය කළා.


ව්‍යාපාරිකයන් පක්ෂයට දුන්න මුදල් පක්ෂයට නොදී එයාලා පෞද්ගලිකවම පරිහරණය කළා. පක්ෂයේ එක එක අංශ එක එකාකෙනාගේ අණසකට යට වුනා.කාන්තා මූලස්ථානය ටිල්වින් හැමදාම ස්වේච්ඡාවෙන් බාරගන්නවා. ඒක නම් මැරුවත් කාටවත් දෙන්නේ නෑ.ඒ ගැන කතා කරන්න තවම කල් වැඩියි.කම්කරු සංගමය ලාල් කාන්තට යටවුණා.දේශපාලන හේතූන් මත ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ආධාර නොගෙන ඉන්න පක්ෂය තීරණය කරපු අවස්ථා තිබුණා.හැබැයි හතර දෙනාගේ කල්ලියට ඒවා අදාල වුනේ නෑ.
ධම්මික,මනිලාල්……කවුරු උනත් එයාලට ගාණක් නෑ.විජිත නිතර නිතර ඒ වරද කළා.ඒ වගේම ජනාධිපතිවරණවලදී ජවිපෙ සහය දෙන අපේක්ෂකයාගෙන් විශාල මුදලක් ජවිපෙ ගලව ගත්තා.ජවිපෙ සාමාජිකයා ස්වේච්ඡාවෙන්ම වැඩ කරන නිසා ඒ සල්ලිත් හතර දෙනාගේ කල්ලිය සතුවුනා.ජනාධිපති අපේක්ෂකයන්ගේ පෝස්ටර් ගහන කොන්ත්‍රාත් ජවිපෙ වෙන වෙන නම්වලින් ගත්තා. ඒවායෙන් ටිකක් පක්ෂ සාමාජිකයා හරහා ගස්සලා අනිත් ඒවා කඩදාසිවලට වික්කා. ජවිපෙ පාර්ලිමේන්තු,පලාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලගේ සහ එයාලගේ කාර්මණ්ඩල වැටුප් සියල්ල මූලස්ථානයට ගත්තා.සියලු ව්‍යාපාරය සම්බන්ධකම් හතර දෙනාගේ කල්ලිය අතට පත්වුනා.


එයාලා වෙනමත් ගැලෙව්වා.අනුර කුමාර විජේදාසගෙන් ලක්ෂ 25 ක් ගන්නේ ඒ පදනමෙන්.අනුර ඒ සල්ලි ගත්තේ නෑ කියලා කිසිම තැනක කිව්වේ නෑ.හැබැයි ඒ සල්ලි පක්ෂයට දුන්නේ නෑ කියන එක සෝමවංශ තහවුරු කළා.අදත් ජවිපෙට තමන්ගේ වත්කම් හොයා ගත්ත විදහ කියන්න බෑ.ඇත්තටම මූල්‍ය ක්‍රියාවලිය අනුර අතට පත්වීමත් එක්ක පක්ෂයේ මූල්‍ය විනය අතුරුදහන් වුනා.හැම කෙනාම තමන්ට හම්බ කරගෙන ජීවත් වෙන තැනට පත්වුනා.ඒක නිසා ඔය සල්ලි සුදු සල්ලි නෙවෙයි.දුෂණ විරෝධී ෆයිල් පවා සල්ලි කලා කියන එක ඇතුලේ තියන ලොකු කතාවක්.
ජවිපෙ ඇතුලේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය තවත් පක්ෂයක් තිබුණා.ඒක හැදින්නුවේ බෝල්ෂෙවික් පක්ෂය කියලා.ඒකේ 2007 සමුළුවට රටේ රාළත් සහභාගී වුනා.මුලදී ඒකේ සභාපති වුනේ නන්දන ගුණතිලක, ප්‍රධාන ලේකම් සෝමවංශ අමරසිංහ, භාණ්ඩාගාරික වුනේ අනුර කුමාර දිසානායක. බෝල්ෂෙවික් පක්ෂයේ සමාජිකයන් 120 විතර හිටියා.පක්ෂ මර්ධනයෙන් පස්සේ අවස්ථා පහක් ඒ වෙනකොට බෝල්ෂෙවේක් පක්ෂය කැදවලා තිබුණා.අවසන් අවස්ථා දෙකකට රටේ රාළත් සම්බන්ධ වුනා.


ඒත් මේ කිසිම අවස්ථාවක මුදල් වාර්තා ඉදිරිපත් කරන්න භාණ්ඩාගාරික විදිහට අනුර දිසානායක බැරිවුනා.එදා ජවිපෙ බෝල්ෂෙවික් පක්ෂය හැදින්වූයේ ජවිපෙ න්‍යෂ්ටිය විදිහට. බෝල්ෂෙවික් පක්ෂයේ බහුජන ව්‍යාපාරය තමයි ජනතා විමුක්ති පෙරමුණ.ඇත්තටම බෝල්ෂෙවික් පක්ෂය වැනි කුඩා ව්‍යුහයක පවා මුදල් වාර්තා යට ගහපු අනුරලට ජවිපෙ වගේ මහා ව්‍යාපාරයකට ලැබෙන මුදල් කොච්චර නම් යටි මඩි ගහන්න පුළුවන්ද?ජවිපෙ මූලස්ථානය ගොඩ නගන්න රට පුරා විවිධ දිස්ත්‍රික්කවලින් විවිධ දේ බාරගත්තා.

 
හැබැයි ඒවා මූලස්ථානයට විතරක් නෙවෙයි පක්ෂ නායකයන්ගේ ගෙවල් හදන්නත් පාව්චිචි වුන බවට සංවිධාන ඇතුලේ විවේචන එල්ල වුනා.අනුරලා,විජිතලා,ටිල්වින්ලා හැම වෙලේම තමන්ගේ පුද්ගලික ජීවිතය සඟවාගෙන පවත්වාගෙන යන අය.ඒ වගේම ඒ කාලේ එයාලා එච්චර ජනප්‍රිය නෑ.ඒ කාලේ ජවිපෙ ජනප්‍රිය චරිතය වුනේ විමල්.ඔක්කොම මඩ විමල් පිටින් ගියා.ජවිපෙ ඇතුලේ තිබුණ විප්ලවීය ජීවගුණය රුපියල් ශත සහ ඩොලර්වලට දියවෙලා ගියා.ජවිපෙ ඇතුලේ තිබුණ වාමාංශික භැඩය මේ හතර දෙනාගේ කල්ලිය විසින් විනාශ කරලා දැම්මා.
එහෙම විනාශ කරපු ජවිපෙට අද මුදල් විගුද්ධිකරණ චෝදනාවක් එල්ල වෙලා.ඒ චෝදනාවලින් රට ඉස්සරහා නිදොස් වෙලා තමන්ගේ කීර්ති නාමය බේරගන්නවා වෙනුවට ජවිපෙ හතර දෙනාගේ කල්ලියේ ප්‍රමුඛයෙක් උන විජිත හේරත් දැන් කියන්නේ


” අවධානය ගන්න පොඩි ලමයි සෙල්ලම් බඩු පොළොවේ ගහනවා වගේ දෙයක් තමයි පෙරටුගාමී පක්ෂය මේ වෙලාවේ කළේ.ඉතින් අපි ඒවට කළබල වෙන්නේ නෑ.ඒ වගේ දේවල්වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නෑ ” කියලා.
මේ එකපාරට සද්ගුණවත් වෙලා තියෙන්නේ ජවිපෙන් වෙන්වුන අයට දෙකේ දෙකේ පොලුවලින් ගහලා ඔළු පලන්න සහ අසූච්චි පැකට්වලින් ගෙවල්වලට ගහන්න අණ දුන්න හතර දෙනාගේ කල්ලියේ විජිත හේරත්.

 උපුටාගැනීම රටේ රාළ ෆේස්බුක් පිටුවෙන්

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions