Home » අනුර කුමාරට කුරුඳුවත්ත පොලීසියෙන් චෝදනා

අනුර කුමාරට කුරුඳුවත්ත පොලීසියෙන් චෝදනා

by Nirodha Gamage

කුරුඳුවත්ත පොලිසිය ඊයේ (28) අධිකරණයට දන්වා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා පැවැත්වූ විරෝධතාවයේදී නිසි බලධාරියෙකුගේ අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර ඇති බවයි.

අධිකරණ නියෝග කඩකරමින් සහ අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පසුගිය 26 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ කොළඹදී පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතා අධිකරණයට කරුණු වාර්තා කළ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් වන වසන්ත සමරසිංහ, ලාල්කාන්ත, ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මෙලෙස
අධිකරණ නියෝග කඩකරමින් පෙළපාලි පැවැත්වූ බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions