Home » අනුරගේ ඉන්දියානු සම්ප්‍රාප්තියේ අඳුරු පැතිකඩ – රටේ රාළ

අනුරගේ ඉන්දියානු සම්ප්‍රාප්තියේ අඳුරු පැතිකඩ – රටේ රාළ

by Plus One

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් පහුගිය 05 වෙනිදා ඉන්දීය රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළා.එතනදී ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් හමුවෙලා තිබුණා.ඉන්දීය විදේශ අමාත්‍යවරයාට අමතරව විදේශ ලේකම්,ආරක්ෂක උපදේශක ඇතුළු ඉහල පෙළේ ඉන්දීය බලධාරීන්  පිරිසක් හමුවෙලා තිබුණා.

විදේශ ඇමති ජයසංකර් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කීයලා තිබුණේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධව සාකච්චා කළා කියලා.

ඒ වගේම ඉන්දීයානු මාධ්‍ය ඒ සම්බන්ධව ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා.එතනදී ඉන්දියානු මාධ්‍ය සදහන් කළේ ජනාධිපති අපේක්ෂකයන් අතරින් අනුර ඉදිරියෙන් ඉන්න බවයි.ඒ සදහා දේශීය වශයෙන් කරපු සමීක්ෂණයක ප්‍රථිපලයක් ඉදිරිපත් කළා.මේ සිදුවීමත් එක්ක යම් තරමකට අපේ දේශපාලන ක්ෂේත්‍රය ගිනියම් වෙලා තියනවා. මාලිමාවේ බලවේගය ෆෝම් වෙලා.ජවිපෙ සාමාජිකයා අන්දමන්ද වෙලා.

සජබ බලවේගය ගොළු වෙලා.තවත් අය මේ ප්‍රශ්නය ඉස්සරහා නිරුත්තරයි.සමහර ආචාර්ය,මහාචාර්යවරු අනුර ගැන දැන්මම කවි සීපඳ ලියන්න පටන් අරන්.මාලිමාවේ යූ ටියබ් බලකාය අනුර විකුණලා දැනටමත් විශාල මුදලක් හොයාගෙන.ඒක නිසා මේ සම්බන්ධව ඇත්ත විග්‍රහ ලාංකික සමාජයේ දෙන එක රටේ රාළගේ වගකීමක්.ඇත්තටම අනුර මේ කරමින් ඉන්නේ මොකද්ද?මේ වෙන කිසිම දෙයක් නෙවෙයි අනුර රනිල්ව කොපි කරමින් රනිල්ටත් වඩා එහාට ගිහින් ඇමරිකානු – ඉන්දියා ඒජන්තයා වීමට උත්සහ දැරීමයි.රනිල් ඒ ඒජන්ත ධූරයෙන් මිදීමට දගලද්දී අනුර ලංකාවේ සෙලෙන්ස්කි වෙන්න දගලනවා. හැබැයි ඒක කරන්නේ රනිල්ට අපහාස කරමින්.

මේ කතාව ටිකක් ඈතට යනවා.ඔයාලාට මතක ඇති යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවට ජවිපෙ උදව් කළා.හැබැයි ජවිපෙ ඒ වෙලාවේ නියෝජනය කළේ මෛත්‍රී පාර්ශවය නෙවෙයි රනිල් පාර්ශවය.අරලිය ගහ මන්දිරයේ අනුරට වෙන් වෙච්චි කාමරයක් තිබුණා.මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ මූලිකයා උනේ අනුර.ඒක නිසා අනුරලා එදත් කටයුතු කළේ රනිල්ගේ දේශපාලන ලයින් එක කොපි කරමින්.

ඒකෙන් අනුරලා එදා බලාපොරොත්තු උනේ එජාප ධාරාවෙන් ඡන්ද කුට්ටියක් ගලවා ගන්න.අනුර සහ විජිත ඒ ස්ථාවරය පක්ෂය ඇතුලේ පවා ප්‍රසිද්ධියේ කිව්වා.රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත්වුනාට පස්සේ රනිල් එයාගේ ආර්ථික, දේශපාලන සහ විදේශ ප්‍රතිපත්ති ගැන කිව්වා. ඒකේ විදේශ ප්‍රතිපත්තිය උනේ නොබැඳි පිලිවෙත වෙතට යන්න ඕනි කියන එකයි.

රනිල් ඒ වෙනුවෙන් පහුගිය කාලේ ජාත්‍යන්තර පෝරම් ගණනාවක පෙනී හිටියා.ඒ වගේම ආසියාවේ නැගිටීමට පක්ෂපාතී තැනක තමයි රනිල් හිටියේ.ඉන්දු පැසිපික් කාලාපයේ භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් රනිල් පෙනී හිටියා.රනිල්ගේ ඉන්දීය සංචාරයේදී අපේ රටේ රාජ්‍ය නායකයෙක් ඉන්දියාව ඉදිරියේ කරන්න පුළුවන් හොඳම ප්‍රකාශය කළා.ඒ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නම් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අනුමැතිය අවශයයි කියලා.

එහෙම ජාත්‍යන්තර මතයක් රනිල් ගොඩ නගද්දී අනුර පාර්ලිමේන්තුවේදී කිව්වේ රනිල් ජනාධිපති වෙලා මාස 14 ට 14 වතාවක් රට ගියා.ඒ සල්ලි අපරාදි කියලා.හැබැයි දැන් අනූරත් රනිල් කියන නොබෑදි කතාවම කියාගෙන ඉන්දියාවේ ගිහින්. ඇත්තටම මෙතන තියන වැරැද්ද රනිල්ව කොපි කිරීම නෙවෙයි රනිල් කරනකොට ඒක වැරදි වෙලා අනුර කරනකොට ඒක හොඳවීමය.ඇත්තටම මේක රනිල් වටේ ඉන්න ගෝලබාලයන්ට හොඳ පාඩමක්.

එයාලා කළේ රනිල් කරනදේ රිපෝට් කිරීම විතරයි. රනිල් කරන දෙයින් දේශපාලන මතයක් ගොඩනැගුවේ නෑ.මේ කාලය ඇතුලත රනිල් කරපු ජාත්‍යන්තර මැදිහත්වීම්වලින් දශමයක් කරපු නැති අනුර නිකම්ම පොරක් වෙලා.අනුරගේ ඉන්දියානු ගමන ගැන රටේ රාළ බළකායේ කිසිම විරුද්ධත්වයක් නෑ.එහෙම රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයන් ගොඩනගා ගැනීම හොඳයි.අපි ලෝකේ සියලු රටවල් එක්ක ගනුදෙනුව කරන්න ඕනි. හැබයි ඒ ගනුදෙනුව ජවිපෙ විසින් කරද්දී මාලිමාවේ හැඟීම්වලට යටත් වෙලා කරන එක වැරදියි.

මාලිමාවේ අද ඉන්න ජවිපෙ න්‍යායාචාර්යවරිය හරිනී කියන්නේ එයාලට ඉන්දියාවට හදුනා ගන්නත් ඉන්දියාවට එයාලව හදුනා ගන්නත් මේක ආරම්භයක් කියලා.මාලිමාවේ හරිනිලා ඉන්දියාව හඳුනාගෙන නැතිව ඇති.හැබැයි ජවිපෙ නම් ඉන්දියාව හදුනාගෙන හිටියේ 1965 ඉඳන්.හරිනිගේ මතයට යට කරපු ජවිපෙ දැන් හරිවට්ටලා.ඒක හින්දා හරිනීලාගේ ගැඟිම්වලට නෙවෙයි ජවිපෙ ඉන්දියාවත් ඒක්ක ගනුදෙනු කරන්න ඕනි.ඉන්දියාව අපේ අසල් වැසියා,ඒ වගේම පහුගිය අර්බුදය වෙලාවේ ඉන්දියාව සහ ඉන්දියානු ජනතාව අපට උදව් කළා.

ඒ ගැන ඉන්දියාවට අපි ගරු කරන්න ඕනි. හැබැයි ඉතිහාසය අමතක කරලා ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න යනවා නම් ඒක බරපතල වැ‍රැද්දක්.හොඳ වගේම ඉන්දියාව අපට කරපු අහිතකර බලපෑම් ගොඩක් තියනවා.1987 ඉන්දියාව අපිව ආක්‍රමණය කළා.බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම පැටෙව්වා.අදත් අපි ලෝකයේ රටවල් එක්ක ගනුදෙනු කරනවට ඉන්දියාව කමත් නෑ.ඉන්දියාව මත යැපෙන ශ්‍රී ලංකාවක් ඉන්දියාවට ඕනි.

චීන නැවක් අපේ මුහුදු සීමාවට ආවොත් ඉන්දියාව පරල වෙනවා.අපේ රටේ උතුරේ එක ව්‍යාපෘතියක් වෙන කෙනෙකුටම ගන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නෑ.ඒවා ඔක්කොම ඉන්දියාට ඕනි.ඒ වෙනුවෙන් ඉන්දියාව කරන බලපෑම් අපි දන්නවා.ඒක නිසා ඉන්දියාවත් ඒක්ක කරන ගනුදෙනු ඉතා පරිස්සමෙන් කරන්න ඕනි.ඇත්තටම මේ ඊයේ පෙරේදා වෙනකං අනුර වේදිකා උඩ ඉන්දියාව පතුරු ගැහුවා.ඉන්දියාව රනිල් එක්ක එකතුවෙලා උතුර මංකොල්ල කනවා කියලයි අනුර කිව්වේ.

හැබැයි එක පාරට අනුර 360° කැරකිලා ඉන්දියාවට ගියා.ජවිපෙ අයට කියලා තියෙන්නේ එයාලා බලයට එන නිසා ඉන්දියාව දැන්මම අනුර ශේප් කරගන්න හදනවා කියලා.ඉන්දියාවට අනුර සම්බන්ධව තක්සේරුවක් තියෙන්න ඕනි. හැබැයි මේක ඇතුලේ තවත් කතාවක් තියනවා.අනුරගේ ඉන්දියානු සංචාරයෙන් අනුර තීරණාත්මක විදිහට ඇමරිකානු – ඉන්දියානු ලයින් එකට සිය යටත්වීම ප්‍රකාශ කළා.අනුර සුදු කොඩිය දැම්මා.

ගිය නිදහස් දවසේ ආපු තායිලන්ත අගමැති තායිලන්ත – ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුම අත්සන් කළා.ඒ වගේම ඊළඟට එන්න නියමිත ඉන්දු  – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම.ඊට පස්සේ පහුගිය දවස්වල අනුර පතුරු ගහපු ගිවිසුම් ටිකත් එන්න නියමිතයි.රටේ රාළ කියන්නේ අනුරලා යම් බලයක් නියෝජනය කරන නිසාත්,මෑතිවරණයක් ළඟ එන නිසාත් ඉන්දියාවේ මේ ගිවිසුම්වලට වැඩිම  විරෝධය එන්න පුළුවන් ජවිපෙන් කියලා ඉන්දියාව දන්නවා.සරලව කිව්වොත් ඒ විරෝධය නතර කරගන්න අනුර ගෙනත් සැපක් දුන්නා.

ඉන්දියාව මේ කළේ ජවිපෙ සහ මාලිමාවේ නායකයෝ ගෙනත් ජවිපෙ නිහඩ කිරීමයි. ජවිපෙ ඉන්දියානු අතකොලුව වන මාලිමාවට යටකර දැමීමයි.වෙන භාෂාවකින් කියනවා නං ජවිපෙ හරිනියේ රෙද්ද අස්සේ ගසා ගැනීමයි.ඒක නිසා අනුර වහාම ඉන්දියානු සංචාරය ගැන රටට කියන්න ඕනි.ද්වීපාර්ශ්වික සබඳතා ගැන කතා කළා කියලා වැඩක් නෑ.ඒක තමයි රනිල් කිව්වෙත්,මහින්ද කිව්වෙත් ඒක.

අනුර කියන්න ඕනි පහුගිය දවස්වල අනුර ඉන්දියාවට සහ රනිල්ට බැන බැන රට විකුණනවා කියලා කියපු කතා ගැන ඉන්දියාවේදී මොකද කිව්වේ කියලා.13 ගැන මොකද්ද කිව්වේ කියලා. ඉන්දිය ආරක්ෂක උපදේශකගේ ආරක්ෂක උපායමාර්ගය ගැන මොකද කිව්වේ කියලා.ඉදිරියට එන ගිවිසුම් සම්බන්ධව ජවිපෙ ස්ථාවරය මොකද්ද කියලා දැන් කියන්න.කොතනින්ද අනුරලා රනිල්ගෙන් වෙනස් වෙන්නේ කියලා කියන්න.

රනිල්ගේ වැඩපිලිවෙලම ක්‍රියාත්මක කරන්න නං අනුර එන්නේ ඒක ඊට වැඩිය හොඳට රනිල්ගෙන් කරගන්න පුළුවන්.හැබැයි මෙතනදී අනුර කරන විප්ලවීය පරිවර්තනය මොකද්ද කියලා රට දැනගන්න ඕනි.අනුර ජවිපෙ අධ්‍යාත්මය මාලිමාව හරහා ඉන්දියාවට පවා දුන්නා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions