Home » අන්තරේ කාටත් හොරා අද කරන්න යන අමුතු උද්ඝෝෂණය…

අන්තරේ කාටත් හොරා අද කරන්න යන අමුතු උද්ඝෝෂණය…

by Nipuna Fernando

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(18) විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ. ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙසත්, අසීමිත ලෙස ඉහළ දමා ඇති බඩුමිල සහ බදු පහත දමන ලෙසත් රඡයට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වේ.

මේ අතර අද (18) පැවැත්වෙන විරෝධතාවයන්හි මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව නීරීක්ෂණ කරන බවට නිදහස හා සාමකාමී රැස්වීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු හා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ට්විටර් නිවේදන නිකුත්කර ඇති බව වාර්තා වේ. මෙම විරෝධතාවය තුළ ගෘහස්ථ ඉවුම් පිහුම් උපකරණ ආශ්‍රයෙන් විවිධ ශබ්ද යොදා ආණ්ඩුවට විරෝධය පළ කිරීමට සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. සාම්ප්‍රදායික උද්ඝෝෂණ ක්‍රමයෙන් ඔබ්බට යමින් ශබ්ද උද්ඝෝෂණයක් ලෙස මෙය පැවැත්වීමට සූදානම් කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions