Home » අධිකරණයට හිස නමනු

අධිකරණයට හිස නමනු

by Nirodha Gamage

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස සලකන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උත්සාහය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රශ්න කර තිබේ.

කොළඹ බිෂොප් හවුස් පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතමින් කාදිනල් රංජිත් හිමිපාණන්, 2023 අයවැයෙන් මැතිවරණ සඳහා වෙන් කළ මුදල් මුදාහරින ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මාර්තු 03 වැනිදා නිකුත් කළ අතුරු නියෝගය ගැන සඳහන් කළේය .

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේ අතුරු නියෝගයෙන් පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කඩ වී ඇති බවට චෝදනා කරමිනි.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයට සහය පළ කළ අතර, පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණය අවසන් වන තුරු අතුරු නියෝගය සම්බන්ධයෙන් ක්‍රියා නොකරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

සේමසිංහ ප්‍රකාශ කළේ එම නඩුව විභාගයට ගැනීමට පෙර එම නඩුවේ අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම බරපතළ වරදක් බවත් වරප්‍රසාද කමිටුව තීරණයක් ගන්නා බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ මෙම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිගත නොහැකි බවත්, එය “ නීතියේ ආධිපත්‍යට එල්ල වූ දැවැන්ත පහරක්” ලෙසත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ වරප්‍රසාද ප්‍රශ්නවලට මුවා වී අධිකරණයේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට කිසිවෙකුටත් නොහැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයට අනුව කටයුතු කරන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions