Home » “අධ්‍යාපන ඇමතිගේ ආචාර්ය උපාධිය කාන්තා ලිංගේන්ද්‍රිය ගැනදැයි මම නොදනිමි”

“අධ්‍යාපන ඇමතිගේ ආචාර්ය උපාධිය කාන්තා ලිංගේන්ද්‍රිය ගැනදැයි මම නොදනිමි”

by Nirodha Gamage

පෙබරවාරි 24 වැනි දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න මහත්මියට එරෙහිව තමන් විසින් කුණුහරුපයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කණගාටුව ප්‍රකාශ කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ආචාර්ය ප්‍රේමජයන්ත සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කළේ “පෙබරවාරි 24 වැනිදා මම පාර්ලිමේන්තුවේ කළ කතාවේදී රෝහිණි කවිරත්නට මන්ත්‍රිතුමියට හිත රිදෙන යමක් කියවා ඇත්නම් ඒ ගැන අතිශයින් කණගාටු වන බව ඉතා ගෞරවයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. එය ඇය ඉලක්ක කරගත් දෙයක් නොවන බව මම සඳහන් කරමි.” යි කියමිනි.

ඔහුගේ ප්‍රකාශයෙන් පසු රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය ආචාර්ය ප්‍රේමජයන්ත සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන දෙපළ පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කළේය. “මගේ වරප්‍රසාද සම්බන්ධ ප්‍රශ්නය විපක්ෂ නායක කාර්යාලයෙන් ඉදිරිපත් කර ඇතත් එය අද දින න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ඇත. ඔහු මෙම ප්‍රකාශය කරන තුරු ඔබ එය ඉවත් කළා දැයි මට සැකයි,” ඇය කතානායකවරයාට චෝදනා කළාය.

” කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අගමැති දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අනුමත කරන්නේ දැයි මම අසන්නට කැමැත්තෙමි. ජාත්‍යන්තර කාන්තා දිනය හෙට (8) සැමරීමට නියමිතව ඇතත්, මන්ත්‍රීවරියක් කතා කරන විට ඔවුන්ට නින්දා අපහාස කරනවා. ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ආචාර්ය උපාධිය සඳහා කළ පර්යේෂණය කාන්තා ලිංගේන්ද්‍රය පිළිබඳව දැයි මම නොදනිමි, ”ඇය පැවසුවාය.

පෙබරවාරි 23 වැනි දින නිල කටයුත්තක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ගුරුවරුන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසකට පොලිස් නිලධාරීන් පහර දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 24 වැනි දින රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සිටියේය. අදාළ සිදුවීම වැළැක්වීමට අමාත්‍යාංශ ලේකම්වරයා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගවල අඩුපාඩු සහ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ඇය සිය ප්‍රකාශය අතරතුර ප්‍රශ්න කළාය.

ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නැගී සිටි ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැහැදිලි කිරීමක් කරමින් සිටියදී රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය යළිත් නැගී සිට කතා කළාය. ඒ වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇයට බාධා කරමින් සිටි අතර, එම බාධා මධ්‍යයේ පෙබරවාරි 23 වැනිදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇය තවදුරටත් ප්‍රශ්න කරමින් සිටියාය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions