අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදය අද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදයේ හරය සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් ප්‍රකාශ කළාය.
“ප්‍රජාතන්ත්‍රවාදයේ හරය වන්නේ සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසයි. මෙම මූලික අයිතිවාසිකම ආරක්ෂා කිරීම, සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර, සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් යළි ගොඩනැගීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයේ මුල් ගලක් විය යුතුයි,” ඇමරිකානු තානාපතිවරිය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.
At the core of every democracy is the right to freedom of expression for every citizen. The protection of this fundamental right must continue to be a cornerstone of SL’s efforts to re-build a stable, secure, and prosperous future for all Sri Lankans.
— Ambassador Julie Chung (@USAmbSL) June 8, 2023