Home » අජිත් නිවාඩ් කබ්‍රාල්, අර්ජුන මහේන්ද්‍රන් හොදම ජාවාරම්කාරයෝ. කුමාරස්වාමි අතිශය හොද මිනිහෙක් – පාඨලී චම්පික රණවක

අජිත් නිවාඩ් කබ්‍රාල්, අර්ජුන මහේන්ද්‍රන් හොදම ජාවාරම්කාරයෝ. කුමාරස්වාමි අතිශය හොද මිනිහෙක් – පාඨලී චම්පික රණවක

by Plus One

හිටපු මහ බැංකුව අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන මහේන්ද්‍රන් යනු සැබෑම ජාවාරම්කාරයන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිරස නාලිකාවේ වැඩසටහනකදී කියා සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අහම්බයකින් මහ බැංකුව අධිපතිවරයෙකු බවට පත් වූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සම්බන්ධයෙන් කිසිවකුත් නිසි ගෞරවය ලබා නොදෙන බවයි.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වූ විගස 2008 සිට ලංකාවේ ක්‍රියාත්මක වූ මහා බැංකු බැඳුම්කර වංචාවන්ට සම්පූර්ණයෙන්ම තිත තැබීමට හැකි විය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජය 2020ම බංකොලොත් වෙනවා, ආණ්ඩුව ඇදගෙන ගියේ කුමාරස්වාමි මහතා අධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ එකතු කළ ඩොලර් බිලියන 7.5ය.

හැබැයි වර්ථමාන මහ බැංකු අධිපතිවරා සම්බන්ධයෙන් අදහස් පල කල චම්පික රණවක මහතා කියා සිටියේ නන්දලාල් වීරසිංහ මහතා හොද වෘත්තිකයෙකු වුවත් මෑතක ඔහු කියු දෙයක් ගැන අවධානය යොමු කල යුතු බවයි.

පල්ලමේ බ්‍රේක් නැතුව ආ ආර්ථිකය ඔවුන් එකතු වී බ්‍රේක් ගසා නවත්වා ඇති බවත් වාහනය ඉහලට ගෙන යාමට දැන් වගකීම ඇත්තේ දේශපාලකයන්ට බව, වැඩසටහනකදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියූ බව චම්පික කියා සිටිමින් ඇගිල්ල දිගු කලේ වාහනය ඉහළට ගෙන යෑමට වත්මන් රජය ගෙන ඇති ප්‍රතිපත්ති තුළින් ආර්ථික වර්ධනය සිදු නොවන බවයි.

රනිල් වික්‍රමසිංහ බදු ප්‍රතිපත්ති වෙනස් කොට වාහනයට බ්‍රේක් ගසා ගත්තද සාමාන්‍ය ජනතාවගෙ දුක නොදැනී රටේ ආර්ථිකය වර්ධනය කරගත නොහැකි බව චම්පික කියා සිටි

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions