Home » අගමැති බැසිල් ද?

අගමැති බැසිල් ද?

by Nipuna Fernando

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු අද (18) ඒ බව සඳහන් කළේ, කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වන අතර විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ නැවත දිවයිනට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සූදානමක් තියෙනවා ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ,
“ඒ වගේ දේවල් ගැන කැබිනට් මණ්ඩලයේ දී කිසිදු සාකච්ඡාවක් වුණේ නෑ. ස්ථිර වශයෙන්ම” යනුවෙනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions