Home » අකාලේ පර වූ කැළණි කුසුම…

අකාලේ පර වූ කැළණි කුසුම…

by Nipuna Fernando

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහීෂ උදයංග සහෝදරයා හදිසියේ ජීවිතක්ෂයට පත් වී ඇත. කටුවන ප්‍රදේශයේ ජීවත් වූ මොහු නිව්මෝනියා තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් මෙම අභාග්‍යය සම්පන්න තත්ත්වයට ගොදුරු වී ඇත. මොහුගේ වියෝව පිලිබඳව ඔහුගේ සගයෙක් තැබූ සංවේදී සටහනක් පහත පරිදි වේ.

‘මේක මහ භයානක හීනයකටවත් වඩා නපුරු හීනයක් වගෙයි.කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ.උඹෙයි මගෙයි අතර තිබුන බැදීම මට මේ විදයට වචන වලට පෙරලන්න තේරෙන්නේ නෑ.ඒ හැම බැදීමකමක්ම අද මතක පොතක් වෙලා පිටුවෙන් පිටුවෙන් මගේ ඉස්සරහ දිග ඇරෙනවා.

ඒ පොතේ පිටු වල අපි හිනාවුන හැටි, රණ්ඩු වුන හැටි, මාව චාටර් කරපු හැටි, මට බැනපු හැටි, අනාගත සැලසුම් ගහපු හැටි මේ ඔක්කොම අද එක දිගට මතකෙට ගලාගෙන එනවා.ලොකු හුස්මක් අරන් ඒ මතක ටික පිට කරද්දි ආයිත් අලුත් මතක ටිකක් ඔලුවට එනවා.ඒ තරමටම උඹටයි මටයි මතක් කරන්න තියෙන දේවල් ගොඩක් වැඩියි බං.කැම්පස් එක ගැන, එතනින් එහාට ජොබ් එක ගැන අපි මොනතරම් දේවල් කතා කරාද?
ඒත් එක දෙයක් උඹටයි මටයි කතා කරන්න බැරිවුනා.පොඩි හෙම්බිරිසාවකටත් මම බෙහෙත් අරන් බොද්දි උඹ මට බයිනවා.ඒත් උඹට මොනවද තියෙන අසනීප කියලා අපිට කතා කරන්න බැරිවුනා බං.අපි හැමෝගෙම වෙලාවට උඹේ ලෙඩවල් සේරම උඹගේ ඇග ඇතුලෙම හැංගිලා තිබිලා.මගේ ඇස් ඉස්සරහම උඹ එක පාරටම ලෙඩ වෙද්දි මේ යාලුවා කොහොම ඒක දරාගත්තද කියලා උඹට නිකමටවත් හිතෙන්නේ නැතුව ඇති.අද උඹ මාව දාලා ගොඩක් දුර ගිහින් බං.මුදලි කියන පරිච්ඡේදයට කටුවා කියන නම නැති එක ජීවිතේ පුරාවට මට දැනෙයි.💔

අපි ලගින්ම ඉන්න අය අවංකව ආශ්‍රය කරන්න ඕන.එයාලට පොඩි හරි ලෙඩක් හැදුනත් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න.දැන් කාලය බොහොම නරකයි.හැම තැනම තියෙන්නේ වස විස.නැතිනම් අවසානයේදී පසුතැවීමක් විතරක් ඉතිරි වෙයි.හැමෝම පරිස්සමෙන් අනෙක් කෙනා ගැන අවදානයෙන් ඉන්න.
ජීවිතේට හොඳම යාලුවෙක් නැතිවුනා.ඒ අඩුව පුරවන්න නම් කාටවත් බැරි වෙයි.මම දවසක් උඹට විහිලුවෙන් කිව්වා උඹ මැරිලා ඉන්නවා උඹේ ඉස්සරහ ඉදන් මට බලන් ඉන්න ආසයි කියලා.උඹ මට මොකුත් කිව්වේ නෑ.ඒත් අද ඒ විහිලුව ඇත්තක් වෙලා.මට සමාවෙයන් Maheesha Udayanga.🙏එදා මම මෙහෙම දෙයක් වෙයි කියලා ජීවිතේට හිතුවේ නෑ.අද උඹ ඇත්තටම මගේ ඉස්සරහට ඒ විදියට එන්න හදනවා.අද උඹ අපි තනි කරලා දුර ගමනක් ගිහින්.තාම ඒ දුක පිටනොකර දරාගෙන ඉන්නවා බං.කොයි හරි වෙලාවක ඒක පිටවෙයි.එතකන් සංසාරේ කවදාවත්ම මේ වගේ ලෙඩ රෝග වලට ගොදුරු නොවී උතුම් මිනිසත් බව ලබාගෙන නිවන් දකින්න මගේ මිත්‍ර කටුවා.😥’

උපුටනය අවසන්

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions