Home » අක්තාර් අධික ලෙස එන්නත් ගත්තා – ෂහිඩ් අෆ්රිඩි

අක්තාර් අධික ලෙස එන්නත් ගත්තා – ෂහිඩ් අෆ්රිඩි

by Nirodha Gamage

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි හෙළිකර ඇත්තේ තමා ක්‍රීඩා කරන කාලයේ ෂොයිබ් අක්තාර් වේදනා නාශක එන්නත් විශාල ප්‍රමාණයක් ලබා ගත් බවයි.

පසුගිය වසරේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායමට සැබවින්ම අවශ්‍ය වූ විට ෂහීන් අෆ්රිඩි එංගලන්තයට එරෙහිව දැඩි ලෙස වේදනාව දරාගෙන පන්දු යැවිය යුතුව තිබූ බවට ෂොයිබ් අක්තාර්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් මෙම අදහස් පළ විය.

හැරී බෲක්ගේ උඩපන්දුවක් ලබා ගැනීමේදී ෂහීන් අෆ්රිඩි දණහිසේ ආබාධයකට ලක්ව වූ අතර එම සිදුවීමෙන් පසු පන්දුවෙන් දායක වීමට නොහැකි විය. ඇත්තෙන්ම ෂහීන්ට එම අවසන් තරගයේදී යැවිය හැකි වූයේ පන්දු 13ක් පමණි.

ෂොයිබ් පසුගියදා පකිස්ථාන නාලිකාවකට කතා කරමින් පවසා තිබුණේ “මම ක්‍රීඩා කරන්න එන්නම්. මම වැටෙනවා, මගේ දණහිස කැඩිලා, නමුත් මම නැඟිටලා, එන්නතක් අරගෙන, නැවත පන්දු යැවීම අරඹනවා… බොහෝ දෙනෙක් කියනවා ඔබේ දණහිස කැඩෙයි කියලා. ඔබ මිය යාවි. මැරෙන එක හොඳයි නමුත් ලෝක කුසලානය ඊට වඩා වැදගත් බව මම ප්‍රකාශ කළා.

“ෂොයිබ් අක්තාර්ට දැන් ඇවිදින්නවත් බැරි තරමට එදා එන්නත් ගත්තා. එය ඔහුගේ ක්‍රමයයි , ”ෂාහිඩ් අෆ්රිඩි පැවසීය. “ෂොයිබ් අක්තාර් යනු ෂොයිබ් අක්තාර්, ඔහුට එය කළ හැකිය. නමුත් එය ඉතා අපහසුයි. හැමෝම ෂොයිබ් අක්තාර් කෙනෙක් නොවේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions