Home » හර්ෂ – මයන්ත ගැටුම අලුත් දිශාවකට

හර්ෂ – මයන්ත ගැටුම අලුත් දිශාවකට

by Nirodha Gamage

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (committee of public finance) වැඩබලන සභාපතිවරයකු පත් කිරීමට සූදානම් වන බව වාර්තා වන අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරන්නේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට වැඩබලන සභාපතිවරයකු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පත් කළ නොහැකි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ස්ථිර සභාපති ලෙස පත් කිරීමට කිසිම ගැටලුවක් නැතැයි කිරිඇල්ල පෙන්වාදුන්නේය.

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී යෝජනා කළ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තේරීම් කාරක සභාව තමාගේ යෝජනාව අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ විසින් යෝජනා කෙරුණු සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත් කරනු ලැබීය.

මයන්ත දිසානායක මහතා එම කාරක සභාවේ සභාපති ධූරයට පත්කිරීමට සමගි ජන බලවේගය දැඩි ලෙස විරෝධය පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම අනුව දිසානායක මහතා පසුව එම තනතුරෙන් ඉල්ලා අස්විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions